177🌙

865 89 11
                                    

#දුඹුරු_සඳ_177🤎🌙

මොහොතක් ගෙවෙද්දී ආග්නත් විණාරාත් උන්නේ ඩේසි මල් ආරුක්කු වලට අලලා තිබූ දුඹුරු පැහැ ලීයෙන් තනා තිබූ පෝරු මස්තකය මත්තෙහි. ආග්නගේ අතෙහි හිඳින්නේ විණාරාගේ මුදුව දරාන හුන් අළුපැහැති දඟකාර පූස් පැටවා වද්දී විණාරාගේ තුරුළෙහි හිඳින්නේ ආග්නගේ මංගල මුදුව දරාන හිඳිනා සුදු පැහැති පුළුන් බෝලයක් වන් පූස් පැටවා.

“වූ..හ්..”

එක් ඇහිබැමක්  ඔසවා හිස මදක් ඇල කරමින් ආග්න මුවින් හුළං පිඹිමින් හුස්මක් පිටකරනට වූයේ කලබල ගතියක් සිතට දැනෙද්දී. එක් අතකින් පූස් පැටවාව අල්වාන හුන් ඔහු ඊළඟ මොහොතේදී තම බැල්මෙන් විණාරාගේ නෙතු අල්වාගත්තේ තප්පර හෙමිහිටම ගෙවී යද්දී.

මොහොතකින් මදක් ඉදිරියට නැඹුරුව ආග්න තම නිදහස් දකුණතෙහි අතැඟිලි වලට මැදිකරගන්නට වූයේ විණාරාගේ නිදහස් වමත. ඉඳින් සිව්නෙට නිදහසේ එකිණෙක පැටලෙන්නට ඉඩදී ඔවුන්ගේ හැඟුම් හුවමාරු වන්නට වූයේ හෙමිහිට.

ඉඳින් මීට බොහෝ කලකට ඉහත ඇයව තම භාර්යාව ලෙසට පෝරු මස්තක කර ලබාගත්තද එදින ඔහු සිතෙහි වූයේ වෛරයම පමණක්. ඉඳින් එදින වෛරයෙන් පෑගී තිබූ ඔහු සිතට නොදැනුණ, නොහැඟුන හැඟුම් බොහොමයක් අද තිබුණේ ඔහු හදවත පුරාම ඉපිද...

ඉඳින් කාලය මැවූ වෙනසක අරුමය! එදින ඇයව පෙනෙන්නට බැරිව හුන් ඔහුට අද ඇයව නොදැක ඉන්නට බැරිවී ගොස්... ප්‍රේමය යනු හුදෙක්ම කිසිවෙකුට පාලනය කළ නොහැකි මායාවක්! ආත්මයට දැනෙන ප්‍රේමය හදවතට බද්ධව ගිය විටෙක අනෙක් හැඟුම් සියල්ලම නවන්නේ කිරුළු පළන්දනා ප්‍රේමය අබියස.

දෙහදේම අමුතුවට ලියැවෙන හැඟුම් වල ගිලීගෙන තත්පර ගෙවෙන්නට වූයේත් නොදැනීම. බලාපොරොත්තු නොවූ විලසට ආග්නගේ හදවත නොසන්සුන් වී ගොස්. ඔහුට දැනෙන්නේ වදන් ගලපාගන්නටත් නොතේරෙන වගක්. විණාරා නෙතු දල්වාන හුන්නේ ඔහු එය ආරම්භ කරනා තුරු.

“Well, it's like Imma feeling little bit nervous than I thought... ”
(ම්ම් හිතුවට වඩා මම නර්වස් වෙලා වගේ)

උරහිසුත් මදක් හකුළා ආග්න පවසන්නට වූයේ ඔහුගේ අතින් බිමට පනින්නට තැත් කළ දඟකාර අලුපැහැ පූස් පැටවාව නැවතත් හරියට අල්වාගනිමින්.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now