178🍃🏚️🖤

552 52 6
                                    

#දුඹුරු_සඳ_178🤎🌙

ඉඳින් මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී ගියේ විණාරාත් ආග්නත් හෝරාවක් පමණම යායකම ඩේසි බීජ ඉස අවසන් කරද්දී. තෙහෙට්ටු නිසාවෙන් ඉතිරිය සේවකයින් ලවා ඉසිමුයි ආග්න යෝජනා කළද විණාරාට අවැසි වූයේ මුළු ඩේසි යායටම ඔවුන් දෙදෙනාම පමණක් බීජ ඉසීමට.

“අම්මෝ...ඉවරයි...”

සියල්ල අහවර කර ඔවුන් දෙදෙනා ඉඳගෙන උන්නේ ඩේසි බීජ ඉසූ පස් කණ්ඩි වලට මෙපිටින් වූ තෘණ බිම මත වාඩි වීගෙන.

“මොකෝ මහන්සිද ම්ම්?”

හුස්මක් හෙළා විණාරා තම හිස ආග්නගේ උරහිසකට හේත්තු කරගනිද්දී ඔහු විමසන්නට වූයේ ඈ හිස්මුදුන මත තම කම්මුල යන්තමින් ස්පර්ෂ කරවාලමින්.

“ම්හ්...චුට්ටම චුට්ටක්...”

ඉඳින් ඇයට යම් තෙහෙට්ටුවක් දැනුනේ එතරම් විසල් වපසරියකට ඩේසි බීජ ඉසීම ලේසි පහසු කාර්යයක් නොවෙද්දී.

“යමුද? රූම් එකට ගිහින් රෙස්ට් කරන්න.”

“ම්හු... තව ටිකක් වෙලා ඉඳලා යමු.”

විණාරා පවසද්දී ආග්න හිස උඩට පහළට කරනට වූයේ ඇයට එකඟ වෙමින්.

“මේවා පැළවෙන්න කොච්චර කල් යනවද?”

විණාරා විමසන්නේ තමාට ඉදිරියෙන් වූ පස් වැටි මත්තේම නෙතු රඳවාන.

“ම්ම්...ඇප්‍රොක්සිමේට්ලි ටෙන් ටු ට්වෙන්ටි ඩේයිස් වගේ...”

“අනේ...එච්චර ඉක්මනට පැළවෙනවද?”

“ම්ම්. පැළනම් වෙනවා. ඒත් අවුරුද්දක්ම යනවා ගස් හැදෙන්න. ඊළඟ අවුරුද්දෙ තමයි මල් පිපෙන්නෙ.”

“අහ්... ඒක පුංචි පැළයක් නිසා මම හිතුවේ මාස තුන හතරකින් ලොකු වෙනවා ඇති කියලා.”

“ඩේසි මල් වවන එක හරි ඉන්ටරස්ටින්ග්. සමහර වෙලාවට වහිද්දි රෑට ඩේසි මල් වල ෆ්ලවර් හෙඩ්ස් වැහෙනවා... ”

ඉඳින් ඩේසි කතා මධ්‍යයේ තත්පරනම් ගෙවී ගියේම බොහෝ සුන්දරව.

“අපි ආයෙ කවදද එන්නේ මෙහෙට?”

ඈ විමසන්නේ හුරතල් අයුරින් ඔහු බාහුවක් මත කම්මුලක් හොවාන.

“හනිමූන් ඉවරවෙලා තමයි ඉතින්...”

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now