165

2.6K 169 19
                                    

#දුඹුරු_සඳ_165

දෙබැමත් මදක් ඔසවාන තත්පර කිහිපයක්ම ආග්න තම නෙතු නවතාන උන්නේ ඈ දෑස් මත. ඉඳින් පරණ විණාරානම් මෙවැන්නක් තමාගෙන් අසන්නට තබා සිතන්නටවත් නිර්භය නොවන බවට සක්සුදක් සේ දනී ඔහු.

තත්පරයක් දෙකක් ගෙවෙද්දී ඔහු දෙතොලතර තැවරීගිය මන්දස්මිතයෙන් දෙතොල් මදක් පුළුල්ව යන්නට ඉඩදී ළය පුරවාගත්තේ නිදහස් හුස්මකින්.

“Mm..”

දෙතොලතර වූ මන්දස්මිතයට එහිම නැවතීගන්නට ඉඩ දී ආග්න තම හිස උඩට පහළට චලනය කරනට වූයේ යන්තමින්. නමුදු ඈ තවමත් ඔහු මතම දෑස් දල්වාන හිඳින්නේ තමාට එයට වඩා විස්තර සහිත පිළිතුරක් අවැසි බව පවසන්නට මෙන්.

“Yes. for both...”
(ඔව්... දෙකටම..)

ඉඳින් ඈ විමසූ පැනයන් ද්විත්වයටම පිළිතුර ඔව් ලෙස ඔහු සඳහන් කරද්දී විණාරා ඔහු ළයෙන් මෑත් වූයේ ගැටළු සහිත බැල්ම නෙතු මත්තේ අලවාන.

“හහ්.. එතකොට..”

ඉඳින් එතනින් එහාට ඇයට අසන්නට ප්‍රශ්න එකපිට එක එද්දී ආග්නට සිදුවූයේ ඒ සියල්ලටම පිළිතුරු සපයන්නට.

“Hey, aren't you felt unwell a while ago?”
(හේයි, දැන් ටිකකට කලින් අසනීපෙන් නෙමෙයිද හිටියෙ ආහ්?)

දැන් ඇයට තිබූ හිසරදයත්, තෙහෙට්ටුවත් මතක නැති තරම්.

ඉඳින් පිළිතුරු ලබාදී හෙම්බත් වූ ආග්න පවසන්නට වූයේ මිනිත්තු බොහොමයක්ම ගෙවී ගිය පසුව ඇය අවසානයට ඇසූ පැනයට පිළිතුරු ලබා නොදී.

“කියන්නකො...”

ඔහුගේ නග්න ළය මත තම කොපුල හොවාන ඈ විමසන්නේ ඒ දිගැටි ඇස් බෝල කරගෙන තම මුහුණට උඩින් වූ ආග්න දෙස බලා. ඈ බඳ වටා එක් අතක් දමාන පහළට නැඹුරුව ගිය මුහුණින් ආග්න නෙතු තබාන උන්නේ ඈ උවනේ ඉරියව් මතත් නොයිවසිල්ලෙන් මෙන් ඇසිපිය සලනා ඈ දිගැටි නෙතු මතත්.

ඉඳින් ඇය දැන් දැන් හුරතල් වනවා වැඩි බවමයි ඔහුට හැඟුනේ. දෑස් දල්වාන තම ළයට තුරුළු වීගෙන තමන් දෙසම බලන් හිඳිනා විණාරාගේ කොපුල් තල මත ආග්නගේ නිදහස් අතෙහි අතැඟිලි නතරව ගියේ විණාරා හුන් ඉරියව්වෙන්ම බලාන හිඳිද්දී.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now