162

3.8K 210 18
                                    

#දුඹුරු_සඳ_162

පිරිමියෙක් හෝ වේවා ගැහැණියක් හෝ වේවා තම ආත්මයම ඇවිලී යන හදවතක් අබියස දියාරුව යන්නේ සීමා මායිම් රහිතවම... මතක සියල්ලම පාහේ අමතකව ගොස් තිබුණද ඔහු සුසුමක් පවා ඈ ළය අභ්‍යන්තරයට දැනෙන්නේ පුදුම තරම් හුරුවට. ඉඳින් හද ගැස්ම තීව්‍ර කරවාලන ඔහු සියුම් ස්පර්ෂයන් ඇයව අවුළුවාලන්නේ ඇයටත් නොදැනීම අභ්‍යන්තරය ඔහු පහස අයදිද්දී.

ඉඳින් දෑස් මානයේ තමාන, දෑත් අතරම රුවාන ප්‍රේමයේ නාමයෙන්ම ඇවිළුණු පිරිමි හැඟුම් කැටිකොට ගුලිකොට වැටකඩොළු ලාගෙන හුන් ඔහු සීමාවන් බිඳී යන්නට බොහෝ ආසන්නයි. එය හුදෙක් නෘත්‍යය වයන්නට ස්වර මාධූර්යයක්ම වූවද ඔහු ක්ෂණිකව ඇයගෙන් මෑත්වූයේ මොළයෙන් ලැබුණු විධානය සමඟ.

ඉඳින් මොහොතකට ඇයත් තමාත් උන් ස්ථානය අමතකව තිබුණද ආග්න එය සිහිවූ වහාම විණාරාගේ ගතින් මෑත්වී ඈ අභියසින්ම වාඩි වූයේ ඒ දෑස් ඇගෙන් ඉවතට නොගෙන. හෙමිහිටම දෑස් විවර කළ විණාරාට දැනෙන්නට වූයේද විසල් ලැජ්ජාවක්.

ඊළඟ තත්පරයේදී ආග්න ඇයගේ අතකින් අල්වා ඇයවත් කෙලින් කරලූයේ ඔහු අසලින්ම විණාරාත් වාඩි වෙද්දී.

“කම් හියර්...”

එතනින් නොනැවතී ආග්න ඈ බඳවටා අතක් දමා විණාරාව ඔසවා මෙන් තමා සමීපයටම ගත්තේ ආග්නගේ වම් ඇලයට විණාරාගේ පිට හේත්තු වෙද්දී.

ඉබේටම වාගේ ඈ හිසත් ඔහු වම් උරහිසත් ළයත් අතර පෙදෙසට බර වද්දී ආග්නගේ මුවින් ගිලිහුණේ සුසුමක්. සැනසීමක් දැනුනද ඔහු ළය අභ්‍යන්තරයේ වූයේ විසල් බරක්. ඉඳින් තමා වසර ගණනාවක් පුරාවට දැන හුන් විණාරාට මෙසේ සමුදිය යුතුද? ඔවුන් හා බැඳුන ඒ අතීතයට, ඔහු ජීවිතයම උඩු යටිකුරු කර දමා සම්පූර්ණයෙන්ම ඔහු සිත අඳුරක සිරකර දැමූ ඒ අතීතයේ නොමැකෙන අඳුරු වේදනාවන් ළය අභ්‍යන්තරයේම යදම් ලා සිරකර දැමිය හැකිවේවිද?

ගිණිගෙන දැවෙන ලෝදිය වන් වේදනාවක් අභ්‍යන්තරයේ පැසව පැසවා කැළැතෙද්දී ඈ නමින්ම තම හැඟීම් සියල්ලම අගුලුදාගත හැකිවේවිද?

ඒ සියල්ලටත් වඩා අසීරුම කරුණ නම් මුහුණ දුන් අසීරුම, කටුකම දෑ නිසාවෙන්ම බිඳවැටී තිබෙනා ඔහුගේ මානසික මට්ටම ඔහුම අමතක කර දමා, ඒ අසාමාන්‍ය කෝපය වැනි ඔහු බිඳී තිබූ මනසට සබැඳි හැසිරීම් යටපත් කර දමා ඈ ඉදිරියේ සාමාන්‍ය අයුරින් ඔහුට හැසිරිය හැකි වේවිද? සරලවම කිවහොත් ආග්නට තම අභ්‍යන්තරයේ එක් කොටසක් මරා දමා ඉදිරි ජීවීත කාලය පුරාවටම ඈ ඉදිරියේ සාමාන්‍ය අයුරින් රංගනයක නිරත වීමට සිදුවේවිද?

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Donde viven las historias. Descúbrelo ahora