166

3.7K 259 47
                                    

#දුඹුරු_සඳ_166

කතාව ගැන අදහසක් ඕනෙ ළමයි. කමෙන්ට් නැතිවෙද්දි ලියන්න තියන ආශාව අඩුවෙනවා😒 දාහක් වැඩ අස්සේ ලියද්දි පොඩි මෝටිවේෂන් එකක් ඕනේ.

විණාරා නානකාමරයෙන් පිටතට පැමිණෙන්නට පෙර ආග්න ඇමතුමකට සම්බන්ධ වූයේ එය විණාරාගේ කන වැකිය නොයුතු නිසාවෙන්.

"වොටා අප්ඩේයිටස්?"
(අලුත් විස්තර මොනවද?)

ඉඳින් සන්සුන්ව හිඳි තප්පර ඔහුගෙන් දුරකට යද්දී සඟවාගෙන හුන් කෝපය සෙමෙන් උඩට එද්දී ඔහු විමසන්නට වූයේ.

"සර් මීට පැය හතරකට කලින් මේ බංකර් එකට ටිකක් දුරින් පවර්ෆුල මිසයිල් ශොට් එකක් වැදුනා."

කුලී සේවකයා එලෙස පැවසූමුත් ආග්නට සායිරා පිළිබඳව අනුකම්පාවක් තබා තෙතමනයක් හෝ දැනුනේ නැති තරම්.

"ඇන්ඩ් ශී ගොට් වූන්ඩඩ්. මෙහෙ බැට්ල්ෆීල්ඩ් එකේ තත්වෙ ටිකක් දරුණුයි."

කුලී හේවායා පවසද්දී ආග්නගේ එක් ඇහිබැමක් මදක් ඉහළට එසවෙන්නට වූයේ ඔහු නොයිවසිල්ලෙන් ඔහු වදන් අහුලද්දී.

"Is she still alive?"
(ඒකි තාම ජීවත් වෙනවද?)

ආග්න විමසන්නට වූයේ දශමයක හෝ අනුකම්පාවක් නොගෑවුණ සීතල හඬකින්.

"Yuh, she just had minor injuries."
(ඔව් එයාට තියෙන්නෙ පොඩි පොඩි තුවාල.)

"Make sure she is not going to take a step out of battlefield "
(ඒකි ඔය බැට්ල්ෆීල්ඩ් එකෙන් එළියට එක අඩියක් තියන්න බෑ.)

ඉඳින් එලෙසම ඔමේඝ්ගේ තත්වයත් සොයා බලා තම කුලී සේවකයින්ට උපදෙස් ලබාදීමට සැලැස්වූ ආග්න මොහොතක් කල්පනා කරනට වූයේ දුරකතනය අතැඟිලි මත එහා මෙහා කරකවමින්. සායිරා, ඔමේඝ් ඔවුන් දෙදෙනා නිසාවෙන් තමාගේත් විණාරාගේත් ජීවිත වල ගෙවෙන තප්පරයක් ගාණේ විඳවීමට තැන් ඕනේතරම්. විණාරා හා ගෙවනා මොහොතක් ගාණේම ඇගේ අහිමි මතකය නිසාවෙන් ඇය මෙන්ම තමාත් සිත් තැවුලට පත්වන අවස්ථා ඕනෑ තරම්. එවන් තත්වයක් උඩදී අලුත් වන කේන්තිය ඔහු විණාරා ඉදිරියේදී පාලනය කරගෙන උන්නද ඔහුට කිසිවිටෙකත් අමතක කළ නොහැකියි සායිරාත්,ඔමේඝ්ත් හා වන වෛරයක් බඳු කෝපය.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now