179

726 70 6
                                    

#දුඹුරු_සඳ_179🌙🤎

අතරමංව ගිය හැඟුමක නවාතැන්ගත් බැල්මක් ඈ දෙනෙත් තුල වූයේම. ඇයගෙන් ප්‍රතිචාරයක් නොවෙද්දී ආග්නගේ දෙබැම රැළිව ගියේ ඉබේටම.

“ම්හ්..හ”

හිස මදක් ඇලකරලූ විණාරාගේ මුවින් එවැන්නක් පිටවූයේ ඇය අබියසට පැමිණි ආග්නගේ අතැඟිලි මෘදුව ඈ අතැඟිලි මත දැවටී යද්දී.

“අනේ මන්දා...”

හුස්මක් හෙළා ඒ විසල් බංගලාව ඇතුළත වටේටම නෙතු යොමමින් ඇය පවසන්නට වූයේ පහත් හඬකින්.

“මෙහෙ...හරි අමුතුයි.”

ඈ මුවින් එවදන් ගිළිහෙද්දීනම් ආග්නටත් දැනුනේ අමුත්තක්. මන්ද යත් අතීතයේ ඈ හා වෛරයෙන් උන් කල මේ බංගලාව තුළ ඈ මුහුණපෑ කටුක අත්දැකීම් ඇයට අමතක වූවාට ඔහුගේ මතකයේ තිබෙන බැවින්.

“මම කලින් මෙහෙට ඇවිත් තියනවද?”

ඔහු බාහුවක එල්ලීගෙන විණාරා විමසද්දීනම් ආග්නගේ මතකයට පැමිණියේ ඔවුන් විවාහ වී මෙහි පැමිණි පළමු දින. ඇයට තමා දුන් වද, පීඩාවන්, වේදනාවන් සහිත මතක පිටු ඔහු මනසෙහි දිගහැරෙන්නට වූයේ එක පෙළට.

~~~~~~~

විවාහ වී මධුසමය ගත කළ හෝටලයේ සිට විණාරාව කැටුව මෙම බංගලාවට පැමිණි අයුරු, එක් රැයක ඇයව බිය කරවන්නට මුළු බංගලාවම අඳුරෙහි ගිල්වා කුලී හේවායෙකුට ඇයව බියගන්වන්නට පැවසූ අයුරු, එම කුලී හේවායාට බියපත්ව විණාරා උඩුමහළේ බියෙන් කෑ ගසමින් දුවද්දී තමා පහළ මහළට වීගෙන සන්සුන්ව වයින් තොලගගා උන් අයුරු, එම කුලී හේවායා තම උපදෙස් වලට පිටින් ගොස් විණාරාට හිරිහැර කරන්නට තැත් කළ අයුරු, අවසන විණාරා කෙසේ හෝ ඔහුගෙන් බේරී විත් දැන් තමාට ඉදිරියෙන් දිස්වන පඩිපෙළ දිගේ ඇදවැටුණු අයුරු, ඇයගේ හිස පැලී රුධිරය වෑස්සුණු අයුරුත්, තමා කෝපයට පත්ව එම කුලී සේවකයාට වියරුවෙන් මෙන් පහර දුන් අයුරු...

එකපෙළට ඒ මතක ආග්නගේ සිතෙහි ඇඳෙන්නට වූයේ චිත්‍රපටයක් පරිද්දෙන්. එමෙන්ම එක් රැයක ඇයව මෙම බංගලාවෙන් පලවා හැරිය අයුරුත්, ඇයව එදින ඔමේඝ් රවටාන ගොස් මාස දෙකක් පමණ තිස්සේ සිරකර සඟවා තබාන උන් අයුරුත් ආග්නට සිහිවූයේ ඔහු හදවතෙහි ගැස්ම තවත් වේගවත් වද්දී.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now