168

3.2K 205 29
                                    

#දුඹුරු_සඳ_168

අදනම් කමෙන්ට් ඕනේ🖤 ස්ටිකර් ඉමොජි එපා

~~~~~~

දොර විවර කර කුටිය තුළට පා තැබූ පළමු තත්පරයේම ඔහු නෙතු පැමිණියේ සයනය අබියසට. නමුදු හිස් සයනයක් නෙත ගැටෙද්දී ඔහු හදවත තිගැස්සී ගියේත් ඒ විඩාබර නෙතු විසල්ව යන්නට වූයේත් එක් ක්ෂණයකට. ඉඳින් කලබලයෙන්ම තවත් පියවරක් කුටිය තුළට තබමින්ම ඔහු කලබල නෙතු දිව යන්නට වූයේ කුටිය සිසාරා.

ඉඳින් කවිච්චිය මත ගුලිවී නින්දක හිඳිනා විණාරාව නෙත ගැටෙද්දී ඔහුට දැනුනේ යම් සහනයක්. නමුදු ඒ හා සමානවම හිතට කා වැදෙන්නට වූයේ ඇය තමා කියූ දෙය නොවිමසා තමා පැමිණෙන තුරු ඇහැරන් හිඳීම පිළිබඳව සියුම් නොරිස්සුමක්. ඊළඟ මොහොතේ විවරව තිබෙනා බැල්කනි දොරෙන් හිරිකඩ මුහු හීතලම හුළඟක් හමාන එද්දීයි ඔහු දුටුවේ එය වසා නොමැති වග. එවරනම් ආග්නගේ සිත තුළට ගලන් එන්නට වූයේ කෝපවත් හැඟීමක්.

'මේ වැඩ අස්සේ තමුසෙ කරන්නෙම මාව කේන්ති ගස්සන එක විණාරා!'

උදෑසන පටන්ම එක දිගට අධික ලෙස කාර්යබහුලව හුන් ඔහු උන්නේ දැඩි වෙහෙසකින්. ඒ වෙහෙස නිසාම
ඔහුට අවැසි වූයේ සැහැල්ලුවෙන් හුස්මක් ගන්නට විවේකයක්. ඒ සියල්ලටත් වඩා වෙනදාට පැය තුන හතරකට වඩා එකම ඇඳුම හැඳගෙන ඉන්නේ නැති ඔහුට එදින ස්නානය කරන්නටවත් වේලාවක් නොතිබුණ නිසාවෙන් ඔහු කුටියට පැමිණියේ මුළු දිනය පුරාවටම හැඳගෙන උන් ඇඳුම ගැන අප්‍රියාවෙන්, එය හැකිවිගස ඉවත් කර දමා ස්නානය කරන්නට.

නමුත් කුටියට පැමිණෙද්දී දුටු දසුන කළේම ඔහුව කෝප ගැන්වීම. අත වූ ලැප්ටොප් පරිඝනකය පසෙකින් තබා ඔහු වේගයෙන් පියවර ඇහිඳින්නට වූයේ විවරව තිබෙනා එතුළින් සීතලම හුළං හමනා බැල්කනි දොරටුව අබියසට. තරමක් කෝපයෙන්ම ඔහු දොර වසා දැමුවේ ඒ වේගයට තරමක ශබ්දයක්ද ඇසෙද්දී.

ඒ ශබ්දයට විණාරා අවධිව යන්නට වූයේ තිගැස්සීගෙන මෙන්. ඔහු බැල්කනියේ දොර අගුළු දමන හඬ ඇසෙද්දී විණාරා දෑස් පිහගෙන ඒ දෙස හැරී බලනට වූයේ.

බැල්කනි දොර වසා දමා ආග්න ආපසු හැරී පැමිණෙන්නට වූයේ අත බැඳ හුන් ඔමේගා ස්පීඩ්මාස්ටර් මූන් මිලාධික අත්ඔරලෝසුව ගලවමින්.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin