170

3.5K 263 31
                                    

#දුඹුරු_සඳ_170

වේගවත් පියවර තබමින් හෝටලයේ තම කුටිය දෙසට ආග්න ඇවිද යන්නට වූයේ ඔහු දෙනෙත් කෝපයකින්ම වැසී තිබෙද්දී. කේන්තියෙන්ම කුටියේ දොර හැරගෙන පැමිණි ආග්නගේ තියුණු බැල්ම යොමුවූයේ සයනය මත නිදන් හිඳිනා විණාරා මතට.

ඈ නිදන් හුන් අවිහිංසක ඉරියව්ව නෙත ගැටුණු තප්පරයේම සිතෙහි වූ ආවේගකාරී කෝපය තරමක් සමනය වූයේ ඉබේටම. දොරගුල මත අත තබාගෙනම ආග්න ගැඹුරු හුස්මක් පිටකරනට වූයේ තමාවම සන්සුන් කරගන්නට. අනතුරුව දොර වැසෙන්නට හැර ඔහු කුටිය තුළට ගමන් කරනට වූයේ මන්දගාමී පියවර ඇහිඳිමින්.

ලැප්ටොපය පසෙකින් දමා හැඳවුන් බ්ලේසරය ගලවා පසෙකින් දැමූ ආග්න පැමිණියේ සයනය අබියසට. පෙර දින රාත්‍රියේ මහාලොකුවට ඇයගේ සයනයේ නිදන්නට අවැසි යැයි අඩව්වක් අල්ලපු විණාරා දැන් නිදන් හිඳින්නේ ඔහුගේ සයනයේ. මේ දින කිහිපය තුළ ඇය තරමක්

හිතුවක්කාර අන්දමින් හැසිරුනද ආග්නට ඇය කෙරෙහි දැනුනේ අනුකම්පාවක්. අසනීප වුණ දින පටන්ම තමා අසලම දැවටෙන්නට අවැසි විණාරාව මදක් තමාගෙන් ඈත් වූයේ ආග්නගේ ආයතනයේ බ්‍රවුන් ලයින් සන්නාම නාමයෙහි වටිනාකම බිඳවැටීමත් සමඟ.

ඒ එහි මෙතෙක් සිදුකළ විශාලතම ප්‍රවර්ධන දැන්වීම සිදුකිරීමට ඔහුත් ඔහුගේ ආයතනයත් දැඩිව වෙහෙස වද්දී ආග්න අතිශයින්ම කාර්‍යබහුල වූ නිසාවෙන්. එයට විණාරාවද සම්බන්ධ කරගත් නිසාවෙන් ඇයට එම කටයුතු වලට වෙහෙස වන්නට වීම පිළිබඳවද ආග්නට වූයේ පසුතැවීමක්. ඒ අන් කවර හෝ හේතුවක් නිසාවෙන් නොව හරිහමන් සුවයක් නොමැතිව ඇය මෙසේ වෙහෙස වීම නුසුදුසු නිසාවෙන්.

සයනය අද්දරටම පැමිණි ආග්න මොහොතක් නෙතු නවතාන උන්නේ හෙමිහිටම ආශ්වාස ප්‍රාශ්වාස කරමින් නිදන් හිඳිනා විණාරාගේ උවන මතට. හුස්ම ගන්නා රිද්මයට අනුකූලව හෙමිහිට උස් පහත් වන ඈ පිරිපුන් ළමැද මතත් හිතුවක්කාර බැල්ම මොහොතකට නතරව ගියේ ඔහුටත් නොදැනීම.

නමුදු විණාරාගේ උවනෙහි වූ මලානික, ඇදීගිය පෙනුම ආග්නගේ සිතට ගෙන ආවේ සියුම් කෝපයක් මුහු වූ කනස්සල්ලක්. ඊළඟ මොහොතේ ඈ අසලට පහත්වී ආග්න තම පිටිඅත්ල තබනට වූයේ ඈ නළල මත.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Tempat cerita menjadi hidup. Temukan sekarang