180

925 57 7
                                    

#දුඹුරු_සඳ_180

“බල්#!!”

ආග්නගේ දෙනෙත් තුළ වූයේ අග්නි ජාලාවන් මෙන් වදනින් විස්තර නොහැකි තරමේ කෝපයක්. එලෙස පවසාගෙනම ඔහුගෙන් පහර කා හෙම්බත්ව හුන් අමල් නම් තරුණ ආරක්ෂකයාට ආග්න පා පහරක් එල්ල කරලූයේ ඔහු පසුපසට වැටෙද්දී.

“කියපන්! උඹ කාටද වැඩ කරන්නේ?”

ආරක්ෂකයා අපහසුවෙන් බිමට අතක් තබා යන්තමින් තම උඩුකය පොළවෙන් ඔසවාගන්නට තැත් කරද්දී ආග්න ඔහු අබියසට පියවරෙන් පියවරට ඇවිද එන්නට වූයේ වියරු බැල්මක් එක එල්ලයේම ආරක්ෂකයා මත තබාන.

“අහ්...”

නැගීසිටින්නට වෙර දරනා ඔහු හිසකේ වමතට මිටිකරගෙන දකුණතින් ඔහුගේ ගෙලෙන් අල්වා ආග්න ඔහුව ඇද කෙලින් කරනට වූයේ ඒ මුවින් වේදනාත්මක හඬක් පිටවෙද්දී.

“මං මේ උඹෙන් අන්තිම පාරට අහන්නේ. කියපන් මොකාටද වැඩ කරන්නේ? අර ඔමේඝ් කියන කූතාඬියාටද ආහ්?”

ඉඳින් ආග්න යටතේ වසර ගණනාවක්ම සේවය කර ඇති අමල් හොඳින්ම දැක තිබෙනවා තම ප්‍රධානියාගේ අසීමාන්තික කෝපය. එම අධික කෝපය ආග්නටම පාලනය කරගත නොහැකිව ඇතැම් අවස්ථා වල ආරක්ෂකයින් රෝහල්ගතවන තුරුම ඔහු පහරදුන් අයුරු අමතක නෑ ඔහුට.

ඉඳින් ආග්නගේ අග්නි බැල්ම, කෝපයටම රත්පැහැ ගැන්වී තිබෙනා ඔහු මුහුණේ මස්පිඩු පවා නලියන අයුරු, ඔහු අතෙහි ගෙලෙහි නහරවල් ඉලිප්පී ගොස් ඇති අයුරු නෙත ගැටෙද්දී අමල්ට දැනුණේ මෙය තමාගේ අවසානය වගක්. මන්ද යත් ඔමේඝ් සම්බන්ධ කාරණා වලදී ආග්න හැසිරෙන්නේ උමතුවෙන් වග අමල්ට නොරහසක්.

“අනේ නෑ සර්... මං කාටවත් වැඩ කරේ න්..ආහ්”

ඉඳින් එය පවසා අහවර කරන්නටත් කලියෙන් අමල්ගේ මුහුණට වැදුණු ආග්නගේ සැර පහරට ඔහුව යළිත් පසුපසට විසිවී ගියේ ආග්න කෝපයෙන් දැවෙමින් යළිත් අමල් අසලට පියවරක් තබද්දී.

“කන තැනට ද්‍රෝහි වන බ$ලා!”

එසේ පවසාගෙනම ආග්න ආ පයින්ම එල්ල කර පා පහර ආරක්ෂකයාගේ උදරයෙහි තදින් වැදෙන්නට වූයේ එම පහරේ සැරට ඔහු බිම ඇද වැටෙද්දී. බඩත් එක්ක කොරවීගෙන යන වගක් දැනෙද්දී ඔහු බිම වකුටු වූයේ වේදනාවෙන්.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now