#දුඹුරු_සඳ_176🤎🌙

1.1K 126 13
                                    

#දුඹුරු_සඳ_176🤎🌙

ශ්වේත වර්ණ පලසක් ඇතිරූ පරිද්දෙන් නෙත් මානයේ දිස්වන ඩේසි මල් යාය විහිද තිබෙන්නේ බෑවුම තෙක් විහිද ගොස් නැවතීගත්තේ එහාපසින් හිරු නැගෙනා කඳු මායිම නෙත ගැටෙනා මානයෙන්. ශීතල මිහිදුම් බරිත නුවරඑළියේ දේශගුණය හමුවේ උදෑසනම යන්තමින් එබී බලනා ළා කහ පැහැති හිරු කිරණ ශ්වේත වර්ණ ඩේසි මල් යාය තවමත් සිපගනිමින් තිබුණේ අතරින් පතර.

පෙණ කැටියක් මෙන් දිස්වන ශ්වේත වර්ණ දිගු ගවුම වත දවටාන හදවත සන්තකේටම හිඳිනා ඒ ආදරණීය පිරිමියාගේ අතැඟිලි දවටාන විණාරා පියවර ඇහිඳින්නට වූයේ සිහිනයක සරන්නාක් මෙන්. ඔවුන්ගේ දණටත් වඩා උස්ව සරුවට වැවී තිබූ ඩේසි මල් අතරින් ඔවුන් පියවර ඇහින්දේ හෙමිහිටම.

ඉඳින් ඔහු නෙතු මොහොතකට නවාතැන් ගන්නට වූයේ ඈ උවන මත. සැහැල්ලු වළාකුලක මෙන් ඩේසි මල් යාය දිගේ හෙමිහිටම පියවර ඇහිඳිනා ඈ උවන මත වූයේ පිරී ඉතිරී යන ඈ තරමටම පිවිතුරු මන්දස්මිතයක්. ඉඳින් ඒ සිනහවම නොවේද ඔහු ගිණි ගත් ආත්මයම එක් මොහොතකින් සිසිල් කරලන්නේ?

අංශුවක් නෑරම හදවත පුරා පැතිර යන සුමිහිරිතම හැඟුම ප්‍රේමයම වද්දී ඔහුටත් නොදැනීම හිතත් නෙතත් නැංගුරම් ලන්නට වූයේ ඈ මත්තෙහිම.

'How beautiful... the way she smiles!'
(කොච්චර ලස්සනද... එයාගෙ ඒ හිනාව!)

ඉඳින් හාහාපුරා කියා ඔහු සිතට එබිකම් කළේම එම සිතිවිල්ල. ඉඳින් පාසල් කාලයේ පවා ඔහුගේ සිත බැඳී ගියේ ඇගේ ඒ අව්‍යාජ සිනහවට. ඔහුත් නොදන්නා කුමක්දෝ මායාවක් ඒ සිනහවේ ගැබ්ව තිබෙනවා මෙන් ඒ සිනහව කරන්නේම ඔහුව සන්සුන් කර නිවා දමා ඔහුගේ සිත වෙනමම ලෝකයක අතරමං කර දැමීම.

ඒ සිහින් අතැඟිලි අතරට මැදිව තිබූ නැවුම් ඩේසි මල් මිට ඈ පා තබනා රිද්මයටම නැළවෙන්නේ මදපවනක් ලෙලදෙන පරිද්දෙන්. පෙණ කැටියක් මෙන් පවනට මුහුව එහෙ මෙහෙ ලෙලදෙන දිගු ලේස් වේලය විටෙක උස්ව තවත් විටෙක ඩේසි මල් පෙති මත්තෙහි තැවරී කඩාහැලෙන්නේ ඇයගේ සුන්දරත්වය තවත් ඔපනංවාලමින්. ඩේසි මල් යාය සහිත කඳු ගැටයට එහාපසින් වූ කන්දෙන් හෙමිහිටම නැගී එන හිරු කිරණ විත් ඈ වත මත තැවරෙන්නේ බිඳෙන් බිඳ.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Waar verhalen tot leven komen. Ontdek het nu