156

5.7K 213 30
                                    

#දුඹුරු_සඳ_156

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

“දන්නවද... ඔයා එවෙලේ මගෙ උරහිසේ ඔලුව හේත්තු කරගත්තම මගෙ පපුවට හරි රස්නෙට, උණුහුමට දැනුනා ඒක. ඔය ඉස්සරහ එවෙලෙ හිටිය කිසි කෙනෙක්ව කෙයා කරන්නැතුව ඔයා එහෙම කරද්දි...“”

හුස්මක් හෙළා දෑසින් සිනාසෙමින් පැවසූ ඔහු ඈ නළල මත හාදුවක් තබාම ඇයව නැවතත් ළයට සිරකරගන්නට වූයේ විණාරාගේ හිස්මුදුන මත නිකට හොවාන.

“හෙට ගමනෙදි ඔයාට දෙයක් කියන්න තියනවා විණාරා...”

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

මිනිත්තුවක දෙකක නිහැඬියාවකින් පසුව ඔහු පවසන්නට වූයේ හුස්මක් හෙළා.

“දෙයක්?”

දෑතින්ම ආග්නව අල්වාගෙන ඔහු ළය අස්සට වීගෙන හුන් විණාරා විමසන්නට වූයේ හිස යන්තමින් ඔසවා ඔහු වෙතට නෙතු ගෙන එමින්.

“ම්ම්...සම්තින්ග් අයි ඩිඩ්න්ට් ලෙච් යූ නෝව්...”
(මං ඔයාට දැනගන්න ඉඩ තිබ්බෙ නැති දෙයක්.)

ඔහුත් හුන් ඉරියව්වෙන්ම හිඳගෙන තම බැල්ම පහළ හිඳිනා ඇය වෙතට යොමමින් පවසන්නට වූයේ.

“මොකක්ද ඒ?”

සිතට කුතුහලයක්ම දැනෙද්දී ඈ විමසන්නට වූයේ දෙබැමත් මදක් එසවෙද්දී.

“හෙට.”

ඈ දුඹුරු පැහැ කොපුලක් මතට දබරැඟිල්ලෙන් මෘදුව තට්ටුවක් දමා ඔහු පවසන්නට වූයේ විණාරාගේ මුව ඇදව යද්දී.

“මොකද කට ඇදකරන්නේ.”

ඈ ඉරියව් වලට ඉබේම දෙතොලතරට දැනෙන නොදැනෙන ගාණට සිනහවක් ඇඳෙද්දී ඔහු විමසන්නට වූයේ දෑස් මදක් සිහින් කර.

“දැන් ඉතින් මං කුතුහලෙන් ඉන්න එපැයි හෙට වෙනකන්.බාගයක් අද කියන්නැත්තුව හෙටම ඔක්කොම කියන්නනෙ තිබ්බෙ.”

ඉඳින් දෙතොල් පට එහෙ මෙහෙ ඇදකරමින් ආඩපාලි පවසනා ඇයගේ ඉරියව්වක් ගාණේම ඔහුට දිස්වූයේ සොඳුරු බවක්. තමන්ටම ආඩපාලි පවසා නැවතත් තම ළය මතම නිකට හොවාගන්නෑ ඈ දෙස බලන් හුන් ආග්නගේ දෙතොලතර වූ සිනහ රැල්ල පුළුල්ව ගියේ ඉබේටම.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now