169

3.8K 238 33
                                    

#දුඹුරු_සඳ_169

ගෙලෙහි සම ඔහු දසන් අතරට මැදිව තියෙන්නට හැර ආග්න ඈ අතැඟිලි අල්වාගන්නට වුයේ මදක් තද කර. දැනුන වේදනාවට විණාරා දෑස් තදකර පියාගන්නට වූයේ හීන් කෙඳිරියක් මුවෙන් පිටවද්දී.

"හ්ග්..."

ඈ කෙඳුරුම් හඬ සවනත තැවරෙද්දීනම් ආග්න ඈ ගෙල මත්තෙන් තම දසන් මුදාගත්තේ සෙමෙන්. එහෙමම ඔහු තම දෙතොල් තදකරලන්නට වූයේ ඔහු දසන් පහරට රත්පැහැ ගැන්වී ඇති ඈ ගෙලෙහි සලකුණ මතම.

"හ්හ්..."

එයිනුත් ඇයට තරමක වේදනාවක් ගෙන එද්දී විණාරාට හුස්මක් ඉහළට ඇදුනේ ඇය සිරුරත් ඒ හුස්ම සමඟම මදක් තිගැස්සී මෙන් යද්දී. ඊළඟට ඔහු ඈ ගෙළ මතින් මිදී ඒ දෙනෙත් යොමනට වූයේ දෑස් තරමක් තදින් පියවී ගොස් තිබූ දුඹුරු පැල්ලම් සහිත ඈ උවන මතට.

අනතුරෙන් පසුව විණාරා තම දුඹුරු පැල්ලම් සහිත මුහුණ පිළිබඳව බොහෝ දුක්වූවා. ඒ මුහුණ නිසා අතීතයේ ඇය විඳි කටුක පීඩා ඇයට අමතකව තිබුණද අනෙක් තරුණියන්ට මෙන් සාමාන්‍ය මුහුණක් තමාට නොලැබීම පිළිබඳව ඈ බොහෝ සෙයින් තැවෙන්නට වූයේ ආග්න ඉතා අපහසුවෙන් ඇයව හසුරුවද්දී.

ඔහු ඇයට මුසා පැවසූයේ එය සුවකළ හැකි බව කියා. එතෙක් තාවකාලික විසඳුමක් ලෙස ආග්නගේ ආයතනයෙන් විණාරාගේ සමට ඔබින ලෙස විශේෂයෙන්ම නිෂ්පාදනය කර තිබූ මිලාධික ෆවුන්ඩේෂන් ආලේපනය ආග්න ඇයට දුන්නේ තාවකාලිකව ඇය අස්වසාලමින්. නමුදු එයින් සිදුවූයේ රාත්‍රියේ පවා විණාරා එය ආලේප කිරීමට පටන් ගැනීමත්, එය ආලේප කර නොගෙන වෛද්‍යවරයා හමුවීමට පවා ඇය ප්‍රතික්ෂේප කිරීමත්. සියල්ලටම වඩා ඇය දුක්වූයේ ආග්න හා තමාව සසඳමින්.

උතුරු ඉන්දියානු හා ශ්‍රී ලාංකික මිශ්‍ර සම්භවයක් සහිත පරම්පරාවෙන් උරුමව, කඩවසම් බවෙහි ජාන උපරිමේටමත් වඩා හිමිව තිබූ ආග්න සතු වූයේ අසාමාන්‍ය කඩවසම් බවක්. එය සාමාන්‍ය තරුණයෙකු සතු නොවන තරමේ අමුතුම සුන්දරත්වයක්, පෞර්ෂත්වයක් හිමි කඩවසම්බවක්. ඉඳින් ඒ සියල්ල හා තමාගේ රුව සසඳන කල විණාරා උන්නේම දැඩි හීනමානයකින්.

තමා පොළවෙහි පෑගෙන දූවිලි අංශුවක්නම් ඔහු අහසටත් එහා දුරක තියන දිස්න‍ය දෙන තාරකාවක් මෙන් යැයි කියා ඇයට හැඟුනේම. ඉඳින් ඔහු ඉදිරියේ ඒ දුඹුරු පැල්ලම් සහිත උවන නිරාවරණය කරලන්නට විණාරා සතු වූයේ දැඩි ලැජ්ජාවක් මෙන්ම අකමැත්තක්.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now