172

3.2K 237 22
                                    

#දුඹුරු_සඳ_172

විණාරාගේ කර මතින් අත දමා ඇයගේ උරහිසක් අල්වාන හුන් ආග්න විමසන්නට වූයේ ඇයව තම සිරුර අබියසින් මෑත් නොකරම.

නමුදු ඇය බැහැයි කියන්නට හිස මදක් දෙපසට චලනය කර තම දෙනෙත් බැල්ම ඔහු වෙතට ගෙන එන්නට වූයේ හෙමිහිට.

"ඇයි?"

ඔහු විමසන්නට වූයේ සාමාන්‍යය ස්වරයක් ගැබ්ව තිබූ හඬකින්.

"අරවා මාරු කරන්න කියන්නකෝ..."

කුඩා දැරියක පෙන් දබරැඟිල්ල සයනය දෙසට දිගු කර ආග්න දෙස බලා ඈ මුමුණන්නට වූයේ සිහින් ස්වරයකින්. ඉඳින් මොහොතක් ඈ දෙස බලාහුන් ආග්නගේ හිත මොහොතකට හිරිවැටී යන්නට වූයේ ඈ ඉරියව් වල හුරුබුහුටි බවක් දැනෙද්ද.

'අසනීප වෙලා ඉද්දිත් මෙහෙම කියුට් වෙන්න පුළුවන්ද ආහ්?'

මොහොතකට සිතින් සිතද්දී එයට මන්දස්මිතයක් නැගුනේද සිත අභ්‍යන්තරයෙන් පමණක්. නමුදු ඊළඟ මොහොතේදී ඔහු පියවි සිහියට පැමිණෙන්නට වූයේ ඈ පවසනා කාරණය තමාට හරිහැටි නොවැටුහුණා නොවේදැයි ඔහු අභ්‍යන්තරයෙන් ඔහුටම පැනයක් නැගෙද්දී.

"බෙඩ් එක? අයින් කරන්නෙ මොනවද?"

දෙබැමත් මදක් රැළි වන්නට ඉඩදී ඔහු විමසද්දී විණාරා යන්තමින් හිස දෙපසට චලනය කරන්නට වූයේ 'නැහැයි' කියන්නට.

"Then what? Can't get it Vinara..."
(එහෙනම් මොකක්ද? මට තේරුණේ නෑ විණාරා...)

"අර බ්ලැන්කට්... ඔක්කොම අයින් කරන්න කියන්නකෝ. මට ඒවා අප්පිරියයි වගේ.

මං ඒ සුවඳට ආසත් නෑ..."

ඈ අපහසුවෙන්ම මුමුණන්නට වූයේ ආග්නගේ දෙතොල්පට එකිණෙක තදව මදක් පුළුල්ව යද්දී.

"ඕකේ. එතකන් මෙතන ඉඳගෙන ඉන්නවද?"

අසල වූ සෝපාව පෙන්වා විමසද්දී විණාරාගේ නෙතු එක්වරම දිවයන්නට වූයේ බැල්කනිය දෙසට.

"No no... You are not going there!"
(නෑ නෑ... එහෙට යන්නෙ නෑ!)

තද ස්වරයකින් නොවූවත් ඔහු මෘදු විධානයක් පරිද්දෙන් එලෙස පවසද්දී විණාරාගේ උවන හැකිළී යන්නට වූයේ එයත් ඔහු දෙනෙතට හසුවද්දී. ඊළඟ මොහොතේ හුස්මක් හෙළා විණාරා සෝපාව දෙසට නෙතු යොමද්දී ආග්න බලන් හිඳින්නට වූයේ ඇගේ ඊළඟ ප්‍රතිචාරය අපේක්ෂාවෙන්.

දුඹුරු සඳ (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now