02 • 𝙽𝚎𝚠 𝚂𝚌𝚑𝚘𝚘𝚕 •

2.8K 241 12
                                        

පාසලේ උදෑසන සීනුව නාද වන විට පාසලේ විවිධ ස්ථාන වලට වී සිටි සිසුන් පලමු කාලච්ජේදය සදහා තම තමන්ගේ පන්ති වෙත පියනැගුවා ඒත් දෙන්නෙක් නම් තමන්ගේ පාඩුවේ හිටියේ පාසලේ සීනු හඩ නොඇසුනා මෙනි ඒ වෙන කවුරුවත් නෙවෙයි මේ පාසලේ නසරානියෝ දෙන්නා විදියට ප්‍රසිද්ධ ජන්කූක් සහ යුංගි

මොන නසරානි වැඩේ කලත් ඒ දෙන්නාට ඉහලින් යන්න මැස්සෙක්ට තියා ස්කූල් එකේ ප්‍රධානියා වුනු ප්‍රින්සිපල්ටත් බැරී වුනා මොකද ඒ දෙන්නාට විරුද්ධව action එකක් ගත්තොත් ප්‍රින්සිපල් පට්ටම ලෙෆ්ට් වෙනවා කියලා දන්න නිසා මොන නසරානි වැඩේ කරලා ඔෆිස් එකට ආවත් ප්‍රින්සිපල් වැඩේ ශේප් කරනවා

" ඒයි කොටා මෙහෙ වරෙන්..."

තමන්ගේ පාඩුවේ බිම බලාගෙන තමන්ගේ පන්තියට ඇවිදගෙන යන ජිමින්ට කෑගැහුවා කොල්ලා ඒ කටහඬ නිසා ගැස්සිලා ගියා

" තවත් මොනාද බලාගෙන ඉන්නේ මෙහේ වරෙන් "

යුංගි තාප්පෙට හේත්තු වෙලා ටූත්පික් එකක් කටේ ගහගෙන කතා කලාම ජිමින් ඇවිදගෙන යුංගි ලගට ගියේ උදේ පාන්දර මොන මරාලයක් කඩාගෙන පහත් වෙයිද කියලා හිතන ගමන්

" තමුසේ මගේ homework ටික කලා ද..?"

යුංගි ඇහිබමක් උස්සගෙන ජිමින්ගෙන් ඇහුවාම කොල්ලා ඔලුව වැනුවා

" ඇයි තමුසෙට කටක් නැද්ද ඔලුව ඔහොල්ලන්නේ දෙනවා තමුසෙගේ ඔලුව ගැලවිලා යන්න "

යුංගි අතක් උස්සලා එහෙම කිව්වාම ජිමින් බයටම ඇස් පියාගත්තා ජන්කූක් තාප්පෙට හේත්තු වෙලා මේ දර්ශනය හොදට රසවිදිමින් හිටියේ

" යේ..."

ජිමින් වෙව්ලන හඩකින් කිව්වා

" මොකද්ද ඔව් "

" homework කලා..."

ජිමින් බිම බලාගෙන උත්තර දුන්නා

" තවත් මොනාද බලාගෙන ඉන්නේ යනවා.."

යුංගි කෑගැහුවාම ජිමින් ඉක්මනට එතැනින් දුවලා යන්න ගියේ යුංගි ජන්කූක් දෙන්නා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන ඉදිද්දී

" යමන් "

ජන්කූක් කිව්වාම යුංගි ඔලුව වනලා දෙන්නා එක්ක ක්ලාස් එක පැත්තට ගියා කොරිඩෝ එකේ දෙන්නා ඇවිදගෙන යද්දී හිටපු ලමයි දෙපැත්තට වෙලා එයාලට ඉඩ දුන්නා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Место, где живут истории. Откройте их для себя