32 • 𝙹𝚎𝚊𝚕𝚘𝚞𝚜𝚢 •

1.4K 173 12
                                        

ජිමින් ලගට යුංගි ආපු නිසා ටේහ්‍යුන්ට ජන්කූක් ලගට යන්න වුනා කොල්ලා ගිහින් ජන්කූක් ලගින් වාඩිවුනේ කොල්ලව් අදුරන්නේ නැති ගානට මොකද ජන්කූක් උදේ කෙල්ලෝ එක්ක හුරතල් වුනු එකට ටේහ්‍යුන් කේන්තියෙන් හිටියේ ජන්කූක් ටේහ්‍යුන් දිහා බලලා ඉස්සරහ බලාගත්තා

පලවෙනි කාලච්ජේදයට තියෙන සබ්ජෙක්ට් එකට අදාළ ටීචර් පන්තියට ඇවිත් ඉගැන්වීම් කටයුතු පටන් ගත්තා හැමෝම පාඩමට අවදානය දෙද්දී ජන්කූක් තඩි ඈනුමක් යවන ගමන් බෑග් එකේ තිබුණු ෆෝන් එක අරගෙන ගේම් ගහන්න පටන් ගත්තේ වෙනදා පුරුද්දට වගේ කොල්ලාට එක දෙයක් අමතක වුනා වෙනදාට එයාගේ එහා පැත්තේ යුංගි හිටියාට අද ඉන්නේ ටේහ්‍යුන් කියලා

ජන්කූක් තොලත් හපාගෙන සම්පූර්ණ අවදානය ගේම් එකට දීලා තිබුණු නිසා එයාගේ දිහාට කේන්තියෙන් පිරුනු ඇස් දෙකක් හැරවිලා තියෙනවා ජන්කූක් දැක්කේ නැ මෙතෙක් වෙලා ගේම් එකට අවදානය දීගෙන හිටපු ජන්කූක්ගේ අවදානය බිදුනේ එකපාරට මතුවුනු අතක් කොල්ලාගේ අතේ තිබුණු ෆෝන් එක ඇදලා ගත්ත නිසා ෆෝන් එක ඇදලා ගත්තේ මොකා වුනත් සුද්ද කොරියන් වලින් අමතනවා කියලා හිතාගෙන ඔලුව ඉස්සුවත් ජන්කූක් අලු වෙලා යන්න රවාගෙන ඉන්න ටේහ්‍යුන් දැක්කාම කොල්ලා ඒ අදහස අතහැරියා

ටේහ්‍යුන් කොල්ලාගේ ෆෝන් එක ඕෆ් කරලා එයාගේ බෑග් එකට දාගත්තාම ජන්කූක්ගේ මූන ඇද වෙලා කුද වෙලා ගියා කොල්ලා ඊට පස්සේ ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගෙන නින්දක් දාන්න ලෑස්ති වුනේ ඒකත් හරි නොගියේ ජන්කූක්ගේ අත කූබි කනවා වගේ දැනුනා නිසා ජන්කූක් එක ඇහැක් ඇරලා බලනකොට දැක්කේ එයාගේ අත කොනිත්තන ටේහ්‍යුන්ව

" මේක පුදුම සාපයක් වුනා නේ "

ටේහ්‍යුන්ට නෑහෙන්න ජන්කූක් හිමින් මිමිනුවා ජන්කූක් අන්තිමේ දී ඔලුව උස්සලා බෝඩ් එක දිහා බලාගෙන හිටියාත් කොල්ලාගේ හිත තිබුණේ වෙනම ලෝකෙක ජන්කූක් හිටියේ ටේහ්‍යුන් එක්ක හනිමූන් යන ගමන් කොල්ලා ඒ ගැන මනෝපාරක් ගහන ගමන් පාඩමට අවදානය දීගෙන ඉන්නවා වගේ අතිවිශිෂ්ඨ ගනයේ රංගනයක යෙදිමින් හිටියා

ඔහොම පලවෙනි කාලච්ජේදය අවසානයේ මිස් පන්තියෙන් ගියාට පස්සේ ටේහ්‍යුන් ජන්කූක්ගේ ෆෝන් එකත් අරගෙන කොල්ලාගේ පැත්තට හැරුනා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Where stories live. Discover now