දින සති ගෙවිලා ගියේ ඇස් පිල්ලම් ගහන වේගෙන් මේ ගත වුනු කාලය ඇතුලත ටේහ්යුන්ට නම් වැඩ වැඩි වුනා මිස අඩුවක් නම් වුනේ නැ මොකද ටේහ්යුන්ගේ ආඩම්බරකාර හස්බන් වගේම දගකාර පුංචි කෙල්ල නිසා ටේහ්යුන්ගේ වැඩ ඩබල් වුනා පුංචි යූහා දැන් නර්සරි යනවා කෙල්ලව උදේට නැගිට්ටවන්න එක තරම් අමාරු වැඩක් ටේහ්යුන්ට ඇත්තෙම නැ ලෝක යුද්ධයක් වුනත් කෙල්ල නම් සෝක් එකට නිදාගනියි
උදේ නැගිටලා කිචන් එකේ මේඩ්ලාට උදව් කරපු ටේහ්යුන් ගියේ එයාගේ දවසේ ලොකුම රාජකාරිය වුනු එයාගේ පුංචි හුරතලේවයි ආඩම්බරකාර හස්බන්වයි ඇහැරවන්න රූම් එකට ඇතුල් වුනු ටේහ්යුන්ගේ මූනේ ආදරනීය හිනාවක් ඇදුනා
ඇගිල්ලකුත් උරන ගමන් ජන්කූක්ගේ උනුසුමට සනීපෙට ගුලි වෙලා සුවදායි නින්දක පසුවන එයාලගේ පුංචි හුරතලේව කොල්ලත් හරි පරිස්සමින් පුංචි කෙල්ලව තුරුල් කරගෙන හිටියා ඒ දර්ශනය හරි ආදරනීයයි
තුරුල් වෙලා නිදාගෙන ඉන්න අප්පාවයි දූ පොඩිත්තයි ඇහැරවන්න ලෝභ හිතුනත් උදේ හතත් පසු වී ඇති නිසාවෙන් ටේහ්යුන් එයාලව ඇහැරවන්න තීරණය කලා ඇදේ කොනකින් වාඩිවුනු ටේහ්යුන් ඉස්සෙල්ලාම පුංචි කෙල්ලව ඇහැරවන්න තීරණය කලා
" කෝ කෝ මගේ චූටි මැනික් කැටේ නැගිටින්න දැන් දෝ ගත්ත ඇති නේ ම්ම් නර්සරි යන්න මගේ බබාට පරක්කු වෙයි.."
පුංචි කෙල්ලගේ අතකින් අදින ගමන් කිව්වාම යූහා බබා ඇස් පොඩි කරන ගමන් තොල් පිට පෙරලගෙන කෙදිරිල්ලක් පිට කරලා ආපහු ඇගිල්ලත් කටේ ගහගෙන නිදාගන්න ලෑස්ති වුනා
" හනේ හනේ මේ කෙල්ල අප්පාටම ගැලපෙනවා දෙන්නා තකට තක.."
ටේහ්යුන් පුංචි හිනාවක් එක්ක මුමුනලා කෙලි පොඩිත්තගේ පස්සට පහරක් දුන්නා
" දෝ ගන්න දෙල්ලකූ අලේ.."
මූනත් බෙරි කරගත්ත කෙල්ල ඇස් පියාගෙනම කියද්දී ජන්කූක්ගේ තුරුලේ හිටපු කෙල්ල ඇදලා අරගෙන කිති කවන්න ගත්තාම පුංචි කෙල්ලගේ හිනා හඩින් රූම් එක පිරිලා ගියා
" අලේ එපා පපා...බබාත කිතියි.."
පුංචි කෙල්ල කියද්දී කිති කවන එක නවත්තපු ටේහ්යුන් යූහා බබාව වඩාගෙන නලලට පුංචි හාදුවක් තැවරුවා ඒක ටේහ්යුන්ගේ පුරුද්දක් හැමදාම උදේට පුංචි දග මල්ලව ඇහැරවලා ඒ නලල මතින් පුංචි හාදුවක් තැවරුවා දැන් පුංචි යූහා බබාත් ඒකට පුරුදු වෙලා හදිස්සියේවත් ටේහ්යුන්ට උදේට පුංචි කෙල්ලගේ නලලට කිස් එකක් දෙන්න බැරි වුනොත් එදාට යූහා බබාගේ මූන හොද නැ
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
