41 • 𝙲𝚕𝚞𝚋 •

1.3K 162 13
                                        

දින සති ගෙවිලා ගියේ ටේකුක් දෙන්නා තවත් ආදරෙන් ලං වෙද්දී ටේකුක් දෙන්නාගේ relationship එක ගැන හේවොන් දන්නවා හේවොන් ජන්කූක්ට දහසක් උපදෙස් දීලා තමයි සම්බන්ධයට කැමැත්ත ප්‍රකාශ කලේ ටේහ්‍යුන්ගේ ගතිගුණ වලට කොහොමත් හේවොන් කැමතියි ජන්කූක් කොච්චර හේවොන් ලග හුරතල් වුනත් අනිත් අය ඉස්සරහ තද ගතිගුණ තියෙන කියලා ජන්කූක්ගේ ඔම්මා වුනු හේවොන් දන්නවා ඒ නිසා ටේහ්‍යුන්ගේ හිත රිද්දන වැඩ කරන්න එපා කියලා හේවොන් කිව්වා

මේ වෙලාවේ ජන්කූක් හිටියේ kim mansion එකේ ටේහ්‍යුන්ව එයාගේ යාලුවෙක්ගේ birthday party එකකට එක්කගෙන යන්න ජින් කොල්ලාට යන්න අවසර දුන්නේ ජන්කූක් එක්ක යන නිසා ඉතින් ටේහ්‍යුන් රෙඩි වෙලා එනකම් ජන්කූක් living room එකේ couch එකේ වාඩිවෙලා ෆෝන් එක ඔබන ගමන් හිටියා

ටික වෙලාවකින් කවුරුහරි පඩිපෙළ බැහැගෙන එන සද්දයක් ඇහුනාම ජන්කූක් ඔලුව උස්සලා බැලුවා පඩිපෙළ බැහැගෙන එන සුරදූතයා දකිද්දී ජන්කූක්ගේ කට භාගෙට ඇරුනා කොල්ලාගේ අතේ තිබුණු ෆෝන් එක තව පොඩ්ඩෙන් බිම වැටෙනවා ජන්කූක් ඉබේටම couch නැගිටලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ

ඔව් ඇත්තෙන්ම ටේහ්‍යුන් ලස්සනයි දිව්‍යලෝකයෙන් බැහැපු සුරදූතයෙක් වගේ කියන්න කිසිම අඩුවක් නැති දකින ඕනම කෙනෙක්ගේ නෙත් සිත් වසග කරන දිව්‍යමය සුන්දරත්වයකට හිමිකම් කිව්වා මේවාට තමයි කියන්නේ දෙවියෝ නිදහසේ නිස්කලංකව මවපු රූප කියලා

පඩිපෙළ බැහැගෙන ආපු ටේහ්‍යුන් ජන්කූක් ඉදිරියේ නතර වුනා ජන්කූක් තාමත් කොල්ලාගේ රූපේ අතරමං වෙලා හිටියේ ටේහ්‍යුන් ජන්කූක්ගේ ඇස් ඉදිරියේ අතක් එහෙ මෙහෙ කරද්දී තමයි කොල්ලා මේ ලෝකෙට ආවේ

" හේයි මිස්ටර් ජියෝන් කොහෙද අතරමං වුනේ..?"

ටේහ්‍යුන් හිනාවක් එක්ක ඇහුවා ටේහ්‍යුන්ගේ වයිට් කලර් outfit එකට මැච් වෙන්න ජන්කූක් බ්ලැක් කලර් outfit එකකින් සැරසිලා හිටියා ජන්කූක්ගේ ඇස් තාමත් ටේහ්‍යුන්ගේ ලග නතර වෙලා තිබුනා කොල්ලාට ටේහ්‍යුන්ගෙන් ඇස් අහකට ගන්න හිත දුන්නේ නැ

" පාටියට යන්නම ඕන ද බේබි.."

ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් ඇහිබම අකුලගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Where stories live. Discover now