10 • 𝚂𝚒𝚌𝚔 •

1.7K 201 22
                                        

" අර ටේහ්‍යුන්ගේ බෝයිෆි ද
බුදු අම්බෝ සැර
ඔහු නම් හා පෝතකයෙක් වැනිය
බොන්න වෙන්නේ සෝජු පැනිය..."

නිනී cafeteria එකේ මේසයකට තට්ටු දාන ගමන් කියද්දී ජිමින් කෙල්ලට සප් එක දෙන්න වගේ අත්පුඩි ගහන ගමන් තාලේ ඇල්ලුවා

" කට වහපන් පොඩි පගයා...උබටත් එක්ක ජිමික්සන්..."

ටේහ්‍යුන් රවාගෙන ජිමින් දිහායි නිනී දිහායි බලන ගමන් කිව්වා ඒත් උන් දෙන්නා නම් සතපහකට ගනන් ගත්තේ නැ

" අපරාදේ මුන් දෙන්නාට ඒක කිව්වේ.."

ටේහ්‍යුන් ඊයේ රෑ ජන්කූක් එයාව ගෙදරට drop කරපු කතාව කිව්ව වෙලේ ඉදලා ජිමින් නිනී දෙන්නා එක එක දේවල් කියන ගමන් ටේහ්‍යුන්ට විහිලු කලා

" අනේ....කුඩ්ඩෝ ඔච්චර කේම්ති ගම්න එම්පා ඔය ලස්සන මූන කැත වෙයි බට් අපි මේ ගැන මීට වඩා විශ්ලේෂණාත්මකව බලන්න ඕන "

නිනී සීරියස් මූඩ් එකකින් අත් දෙකත් බැදගෙන කිව්වා

" නිනී හරි ටේ.....මෙච්චර දවසක් දෙන්න පුලුවන් උපරිම දස වද දීලා පන්තිය ඉස්සරහ පුලුවන් තරම් නෝන්ඩි කරලා දැන් එකපාරටම පහල වුනු සත්ත්ව කරුනාව මොකද්ද "

ජිමින් එහෙම කියද්දී ටේහ්‍යුන් ඔලුව අතගාන ගමන් ජිමින් දිහා බැලුවා

" මටත් ඒක සෑහෙන්න ප්‍රශ්නයක් බන් ඊයේ මුලු රෑම කල්පනා කලා "

" ජන්කූක් ඔප්පා ගැන ද..?"

නිනී කුප්ප හිනාවක් දාගෙන ඇහුවා

" ජිමිනා...මේ බේසික පැටියා එක්ක බැ "

" ඔය සද්දේ මට විතරයි නේ මොකද මල්ලි අපි කැතද කොටද ඔටුවොද සද්දේ දාන්නේ ජන්කූක් ඔප්පා ඉස්සරහ මී පැටියෙක් වගේ මුලු ලෝකෙම මේ තරම් අහිංසක ප්‍රානියෙක් නැ වගේ ඔක්කොම මුන්ගේ ප්‍රෝඩාව "

නිනී කට හදන ගමන් කියනකොට ජිමින් හිනා වුනා

" මොකද හිනා වෙන්නේ ජිමින්ශිටත් එක්ක තමයි කියන්නේ හැමදාම කට වහගෙන ඉදලා ගුටි කාලා නෝන්ඩි වෙලා එනවා මොකද ඔච්චර බය ආ ඔය වක්කඩේ වගේ තියෙන කටින් ප්‍රයෝජනයක් ගන්නවා ඊට පස්සේ මොනාහරි වුනොත් මාව දැනුවත් කරනවා එතැනින් එහා මම බලාගන්නම් මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රාජ්‍යයක් යකොව් "

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Where stories live. Discover now