දින එක දෙක හරි ඉක්මනට ගෙවිලා ගියා ටේකුක් දෙන්නා තවත් ආදරෙන් ලං වුනා තැනක් නොතැනක් නැතුව ජන්කූක්ගෙන් ලැබෙන ආදරනීය හාදු වලින් එයාලා එකට ආදරෙන් එකතු වෙන මොහොතවල් වලින් නම් ටේහ්‍යුන්ට අඩුවක් තිබුණේ නැ ජන්කූක් හැමතිස්සේම ටේහ්‍යුන්ගේ පස්සෙන් හිටියා ජන්කූක්ට ටේහ්‍යුන් නොදැක ඉන්න බැරි වුනා ඒ නිසා කොයිවෙලෙත් ජන්කූක් kim mansion එකට රිංගන්න පුරුදු වෙලා හිටියා
ටේකුක් දෙන්නාගේ තත්ත්වය එහෙම වෙද්දී යුංගි ජිමින්ව එයාගේ පවුලේ අයට හදුන්වලා දුන්නා නිනී නම් මුල ඉදන් ඔක්කොම දැනගෙන හිටපු නිසා යූන්මින් දෙන්නා ආදරෙන් එකට ඉන්න එක ගැන සතුටු වුනා වගේම එයාගේ ඔප්පා මෙහෙම ජිමින්ව එක්කගෙන ඇවිත් ඔම්මාටයි අප්පාටයි හදුන්වා දුන්නු එක ගැන සතුටු වුනා
මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් ජිමින්ව හරි ආදරයෙන් එයාලගේ පවුලට එකතු කරගත්තා මිස්ටර් මින් යූන්මින් දෙන්නා ගැන දැනගෙන හිටියේ එදා යූරා අයින් කරපු දවසේ ඊට පස්සේ දවසක් යුංගි ඔෆිස් එකේ දී ජිමින්ව හුරතල් කරනවා මිස්ටර් මින් දැක්කා යුංගි කාවවත් මෙහෙම ලගට අරගෙන හුරතල් කරන කෙනෙක් නෙවෙයි කියලා මිස්ටර් මින් හොදටම දන්නවා අඩු තරමේ එයාගේ නංගි වුනු නිනීවත් හුරතල් නොකරපු කෙනෙක් යුංගි කියන්නේ
මිස්ටර් මින් ජිමින් ගැන හැමදේම හොයන්න පටන් ගත්තේ යුංගිට පුංචි හෝ ඉගියක් නොදෙමින් ජිමින් කියන්නේ දුප්පත් කොල්ලෙක් වුනත් හොද ගතිගුණ තියෙන එයාගේ පුතාට හරියටම ගැලපෙන කෙනෙක් කියලා මිස්ටර් මින්ට තේරුනා මිස්ටර් මින්ට ජිමින් මධ්‍යම පන්තියේ පවුලක ලමයෙක් කියන එක ප්‍රශ්නයක් වුනේ නැ එයාට ඕන වුනේ යුංගිට ගැලපෙන යුංගිව පොඩ්ඩක් හරි පාලනය කරන්න පුලුවන් එයාට ආදරේ කරන කෙනෙක්වයි ඉතින් මිස්ටර් මින් මුකුත් නොදන්නා ගානට යුංගි හැමදේම කියනකම් බලාගෙන හිටියා
ඊට පස්සේ මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් ගිහින් ජිමින්ගේ ඔම්මා එක්ක කතා කලා අවසානයේ දී ජිමින්ගේ ඔම්මාගේ කැමැත්තක් ඒ දෙන්නාට හිමි වුනා
ඔය හැමදේම අතරේ එක්සෑම් එකේ රිසාල්ට් ආවා වෙනදා වගේම ටේහ්‍යුන් ජිමින් උසස් ප්‍රතිඵල සමගින් විභාගය සමත් වෙලා තිබුනා යුන්කුක් දෙන්නාත් හිතුවාට වඩා හොද රිසාල්ට් එකක් දාලා තිබුනා ටේමින් දෙන්නා බෙස්ටි රිසාල්ට් නිසා සෝල් යුනිවසිටි එකට සිලෙක්ට් වුනා යුන්කුක් දෙන්නාත් සෝල් යුනිවසිටි එකටම යටිකූට්ටු කුමන්ත්‍රණයක් කරලා පැනගත්තා
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
