37 • 𝙻𝚘𝚟𝚎𝚕𝚢 𝙺𝚒𝚜𝚜 •

1.3K 175 51
                                        

මේ දින වල පාසලේ ප්‍රධාන මාතෘකාව වුනේ ටේකුක් හැමෝම වගේ එයාලා ගැන කතා කලා සමහරු ඒ දෙන්නා එකට ආදරයෙන් ඉන්න එකට සතුටු වුනා වගේම ඒ දෙන්නා එකට ඉන්නවාට අකමැති ඉරිසියාකාරයෝත් නොහිටියාම නෙවෙයි එයාලා ටේහ්‍යුන්ට පුලුවන් තරම් නරක කතා හැදුනා

ඒත් ඒ කතා ටේහ්‍යුන්ගේ කනට නොවැටුනු තරම් මොකද ස්කූල් එක ඇතුලේ ගෙවෙන හැම තත්පරයකදීම වගේ ජන්කූක් කොල්ලාගේ පස්සෙන් හිටියා ස්කූල් එකේ හැමෝම වගේ ජන්කූක්ට බයයි කොල්ලාට විරුද්ධව කවුරුවත් කතා කරන්න ගියේ නැ

ඉතින් අදත් ජන්කූක් ටේහ්‍යුන් එක්කම ස්කූල් එකට ආවේ හැමෝගෙම අවදානය ඒ දෙන්නාට යොමු වෙද්දී ටේහ්‍යුන්ට මුලදී ඒක ලොකු අපහසුවක් වුනත් දැන් ඒක ගානක් නැ හැමදේම ඒ දෙන්නා එකට එනකොට ස්කූල් එකේ ලමයි ඔක්කොම වගේ කන්න වගේ ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා නේ

සුපුරුදු පරිදි පාසලේ වැඩ කටයුතු ආරම්භ වෙද්දී ඩෙස්ක් එක උඩින් අත් දෙක තියාගෙන ඒ මතින් හිස තබාගත් ජන්කූක් පාඩමට අවදානය දීගෙන එයාගේ එහා පැත්තේ වාඩිවෙලා ඉන්න එයාගේ ආදරනීය බෝයිෆෙන්ඩ්ගේ දිව්‍යමය සුන්දරත්වය හිතින් වර්නනා කරමින් හිටියා

ටේහ්‍යුන්ගේ නලලට වැටුනු කොන්ඩේ දිගැටි ඇස් පිහාටු රාත්‍රි අහස හැඩ කරන තරු කැට මෙන් දිලිසෙන ඇස් පිරුණු කම්බුල් ලා රෝස පැහැති දෙතොල් සරලවම කෙටියෙන් කිව්වොත් ටේහ්‍යුන් සුරදූතයෙක් වගේ කොල්ලා දිහා ඇසිපිය නොගහා බලාගෙන ඉන්න ජන්කූක්ට සැකයි ටේහ්‍යුන් කියන්නේ ඇත්තටම මනුස්සයෙක් ද..? කියලා ඇයි තමන් ටේහ්‍යුන්ගේ ලස්සන කලින් නොදැක්කේ කියන එක ජන්කූක්ට ප්‍රශ්නයක් වුනා

කොල්ලා පැන්සලක් කටේ ගහගත්තාම ජන්කූක්ගේ ඇහිබම රැලි ගැහුනා ඉක්මනට ඔලුව උස්සපු ජන්කූක් කොල්ලා කටේ ගහගෙන හිටපු පැන්සල ඇදලා ගත්තාම ටේහ්‍යුන් ජන්කූක් දිහා බලලා ඇස් වලින් ඇයි කියලා ඇහුවාම ඊට පිලිතුරු වශයෙන් ජන්කූක්ගෙන් කොල්ලාට ලැබුනේ රැවුමක් විතරයි

කාලච්ජේද එකින් එක ගත වෙලා යද්දී ජන්කූක්ට ටේහ්‍යුන් කිස් කරන්න තදින්ම ඕන වෙලා තිබුණේ මොකද මෙතෙක් වෙලා ජන්කූක් කොල්ලාගේ සෙලවෙන තොල් දිහා බලාගෙන හිටියේ ඉතින් ඉන්ටවල් එකේ බෙල් එක නාද වෙනවත් එක්කම නැගිටපු ජන්කූක් ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන පන්තියෙන් එලියට ගියේ පන්තියේ හිටපු මිස්වත් සතපහකට ගනන් නොගෙන එතකොට පන්තියේ ලමයි ඔක්කොම තත්පර කිහිපයක් යනකම් වැහුනු දොර දිහා බලාගෙන හිටියා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Opowieści tętniące życiem. Odkryj je teraz