07 • 𝙾𝚕𝚍 𝙱𝚞𝚒𝚕𝚍𝚒𝚗𝚐 •

1.6K 203 34
                                        

ගෙවුණු සතිය කිහිපය ටේහ්‍යුන්ට නම් එච්චර හොද වුනේ නැ මොකද කොයිවෙලෙත් ජන්කූක් කොල්ලාගේ පස්සෙන් හිටියා ජන්කූක් හිතුනු හිතුනු වෙලාවට ටේහ්‍යුන්ව කිස් කරන්න අල්ලන්න ජන්කූක් දැන් පුරුදු වෙලා කොල්ලා ජන්කූක්ට විරුද්ධ වෙන්න උත්සාහ කරපු හැම අවස්ථාවකම ටේහ්‍යුන්ට ජන්කූක්ගෙන් හම්බුනේ තද අතුල් පහරක්

ටේහ්‍යුන්ට ලොකු අසරණකමක් දැනුනා එයා වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැ එයාව බේරගන්න තමන්ගේ කියලා කවුරුවත් නැ ජන්කූක්ට විරුද්ධව ප්‍රින්සිපල්ට compliant කලා කියලා වැඩක් වෙන්නේ නැ මේ ස්කූල් එක පවා අයිතිය තිබුණේ ජියොන් කෝපරේෂන් වලට

Sportmeet එක මෙවරත් අවසන් වුනේ ජන්කූක්ගේ හවුස් එකට ප්‍රථම ස්ථානය හිමි කර දෙමින් හවුස් එකේ හැමෝම ප්‍රථම ස්ථානය ගන්න එක වගේ මහන්සි වෙලා වැඩ කලා ටේහ්‍යුන් එක දිගට practice කරලා swimming වලින් ප්‍රථම ස්ථානය හවුස් එක ගෙනාපු එක මේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වුනා හදිස්සියේවත් ටේහ්‍යුන් දෙවැනි ස්ථානය වුනා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුනා

ඉතින් sportmeet එක ඔය විදියට අවසන් වෙලා පාසලේ සුපුරුදු අධ්‍යාපන කටයුතු ආරම්භ වුනා ඒ නිසා ටේමින් ඩබල එයාලගේ පන්තියට ගිහින් වාඩිවුනා ටික වෙලාවකින් යුංගි ක්ලාස් රූම් එකට ආවා ජිමින් දිහා බලපු යුංගි ජිමින්ට ඇහැක් ගහගෙන ගිහින් වාඩිවුනේ ජිමින් කටත් ඇරගෙන බලාගෙන ඉන්නකොට ජිමින් විතරක් නෙවෙයි ටේහ්‍යුන් කම්ෆියුස් වෙලා ජිමින් දිහා බලාගෙන ඉන්නවා

" ජිමිනා......ඒ වුනු දේ පිලිබද පැහැදිලි කිරීමක් කලොත් හොදයි "

ටේහ්‍යුන් ජිමින් දිහාට හැරිලා එහෙම කිව්වා

" පුලුවන් නම් මට පැහැදිලි කිරීමක් කරපන් "

ජිමින් කිව්වේ වේගෙන් ඇස් පිය ගහන ගමන් ටික වෙලාවකින් පාසල් සීනුව නාද වුනේ පලමු කාලච්ජේදය පටන් ගත් බව දැනුම් දෙමින් මෙතෙක් වෙලා පාසලේ තැන් තැන් වල රැදී සිටි සිසු සිසුවියන් තමන්ගේ පන්ති වලට විසිර ගියා ටික වෙලාවකින් පන්ති භාර මිස් පන්තියට ඇතුල් වුනා මිස් පන්තිය පුරා ඇස් යැව්වාම දැක්කේ යුංගිගේ එහා පැත්තේ පුටුව හිස් වෙලා තියෙනවා මිස් සැනසීමෙන් හුස්මක් පහත දාලා දවසේ වැඩ කටයුතු පටන් ගන්න හදනකොට එකපාරට පන්ති කාමරයේ දොර සද්දෙන් ඇරගෙන ඇතුලට ආවේ ජන්කූක්

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Where stories live. Discover now