ගෙවුණු සති කිහිපය පුරාවට හැමෝම sportmeet එකේ වැඩ කටයුතු එක්ක බිසි වෙලා හිටියේ එතකොට ජන්කූක් කොයිවෙලෙත් ටේහ්‍යුන්ගේ පස්සෙන් ගිහින් වද දෙනවා කවුරුවත් නැති තැන් වලදී ජන්කූක් ටේහ්‍යුන්ව කිස් කරන්න පුරුදු වෙලා ටේහ්‍යුන් කොච්චර ජන්කූක්ව නවත්තන්න උත්සාහ කලත් ඒ දේවල් වලින් වැඩක් වුනේ නැ
අද නෙට්බෝල් මැච් තියෙන දවස ඉතින් ඔක්කොම වගේ මැච් එක තියෙන තැන ටේහ්‍යුන් ජන්කූක්ගේ ඇස් වලින් බේරිලා ඒ පැත්තට ගියා දැකලා පුරුදු මූනක් නෙත ගැටුනු නිසා කොල්ලා ඒ පැත්තට ගියා
" ආ....නිනී...."
ටේහ්‍යුන් එකපාරට කතා කලාම නිනී ගැස්සිලා ගියා කෙල්ල මේ ලෝකේ නෙවෙයි හිටියේ
" ඔහොමත් පිටිපස්සෙන් ඇවිත් කතා කරනවාද තව පොඩ්ඩෙන් රටට දැයට වටින ජීවිතයක් අකාලයේ අහිමි වෙනවා "
නිනී පපුවට අතක් තියාගෙන කියද්දී ටේහ්‍යුන්ට හිනා ගියා
" ජාත්‍යන්තරයට ආතල් සපයන එක ද ජොබ් එක "
" යැයි යැයි තමයි ආවා නම් කට වහගෙන මේක බලනවා.."
ටේහ්‍යුන්ට රැව්ව නිනී ආපහු තමන්ගේ ඇස් මැච් එක පැත්තට යෙදෙව්වා මේ ගෙවුණු සති කිහිපයට නිනී ටේහ්‍යුන් එක්ක ගොඩක් හිතවත් වුනා
" ඕ යෙහ්........"
නිනී එක පාර උඩ පැනලා අත්පුඩි ගහලා කෑගැහුවා ටේහ්‍යුන් කෙල්ලගේ උඩ ඉදලා යටට බැලුවේ තමන්ගේ හවුස් එක පැරදුනාම සතුටු වෙන එකා මොකාද කියලා හිතන ගමන් ඒ නෙට්බෝල් මැච් එක තිබුණේ ටේහ්‍යුන්ගේ හවුස් එකයි නිනීගේ හවුස් එකයි අතර ඉතින් නිනීගේ හවුස් එක පරාජය කරමින් ටේහ්‍යුන්ගේ හවුස් එක දින්නා දිනපු හවුස් එකේ පාඩුවේ ඉදිද්දී පැරදුනු එකා කෑගහලා අත්පුඩි ගහලා සතුටු වෙනවා
" තවුසෙගේ හවුස් එක පැරදුනා හලෝ "
" I know tae tae but මගේ crush එකගේ හවුස් එක දින්නා නේ "
නිනී ගානක් නැතුව කියලා දැම්මත් තත්පර කිහිපයක් යනකොට කෙල්ලට මීටර් වුනේ මොකද්ද කිව්වේ කියලා
" Crush එක නේ ම්ම්ම්.."
ටේහ්‍යුන් අමුතු විදියට ඇදලා ඒක කිව්වාම නීනී මොංගල් හිනාවක් දාගෙන ටේහ්‍යුන් ලගින් වාඩිවුනා
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
