⚠️...Smut warning...🔞
" තමුසේ මාත් එක්ක කතා කරන්න එපා මින් යුංගි...!"
" අයියූ කියුටී.... ඒක මම නිකන් කිව්වේ ඔච්චර කේන්ති ගන්න එපා "
ජිමින්ගේ පස්සෙන් යන ගමන් යුංගි කිව්වත් කොල්ලව ගනන් ගන්නේ නැතුව ජිමින් දිගටම ඇවිදගෙන ගියා යුංගිත් තමන්ගේ බ්රේක් නැති කටට හිතින් බැනගන්න ගමන් ජිමින්ගේ පස්සෙන් ගියා
" කියුටී...! පොඩ්ඩක් ඉන්නකෝ "
යුංගි කොල්ලාගේ අතකින් අල්ලාගෙන නැවැත්තුවා ජිමින් යුංගිට රවලා අහක බලාගත්තා
" උප්ස්.... ඒ රැවිල්ලට නම් මාව සලිත වෙලා ගියා "
යුංගි කියද්දී ජිමින්ට හිනා යන්න ආවත් කොල්ලා හිනාව කාගෙන හිටියා
" දැන් ඇති නේ කියුටී මට රැව්වා "
ජිමින්ගේ උරහිස් වලින් අල්ලන ගමන් කිව්වා ජිමින් මුකුත් නොකියා නිහඩව හිටියා
" හරි මම වැරදියි කියලා පිලිගන්නවා මට සමාවදෙන්න "
යුංගි ඔලුව නවාගෙන කිව්වා
" හරි කොහෙද වැරැදි තමුසේ මොකටද මම ඉදිද්දී කෙල්ලොන්ගේ හැඩ හොයන්නේ "
" හරි වැරදියි "
" හරියි වැරදියි දෙකක් මොකද්ද පූසෝ.."
" නැ නැ මම වැරදියි "
" ආන් ඒ බය තියාගන්න "
ජිමින් ගැම්මෙන් කියද්දී යුංගි කොල්ලාගේ කර වටේ අතක් දාගත්තා
" මට තමුසේ තරම් වෙන කවුරුවත් ලස්සන නැ කියුටී.."
යුංගි කියද්දී ජිමින් කම්බුල් රතු කරගෙන හිනා වුනා ජිමින්ගේ රතු වුනු කම්බුල් දිහා බලාගෙන හිටපු යුංගි කොල්ලාගේ කම්බුලක් කිස් කලේ තවත් ඒ කම්බුල් රත් පැහැයට හරවමින්
ලැජ්ජාවෙන් රතු වුනු කම්බුල් හංගගන්න යුංගිගේ පපුව අස්සේ ජිමින් මූන හංගගත්තා ජිමින්ගේ ඉන වටේ අත් යවපු කොල්ලා තවත් ජිමින්ව පපුවට තුරුල් කරගත්තා එයාලා තාමත් හිටියේ යුනිවසිටි එකේ
" කියුටී අපි යමු..."
ජිමින්ගේ අතක් අල්ලගත්ත යුංගි පාකින් එක පැත්තට ගියා යුංගි බයික් එකට නැගලා ජිමින්ට හෙල්මට් එක දැම්මා ඊට පස්සේ එයත් හෙල්මට් එක දාගත්තාම ජිමින් බයික් එකට නැගලා කොල්ලව තදින් අල්ලගත්තේ යුංගිට බයික් එක හම්බුනාම ය්න්නේ එයාට ලියලා දීපු පාරේ යනවා වගේ
DU LIEST GERADE
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
