" මේ මෝඩ කුක්කා කොහේ ගිහින් ද..?"
ටේහ්යුන් ජන්කූක්ට කෝල් කරන ගමන් රූම් එකේ ඒ කොනට මේ කොනට ඇවිත් ගමන් මිමිනුවා කොච්චර රින්ග්ස් ගියත් ජන්කූක් කෝල් ආන්සර් නොකරපු නිසා ටේහ්යුන් බය වෙලා හිටියේ කොල්ලාගේ හිතට එක එක නරක සිතුවිලි ගලාගෙන එද්දී ටේහ්යුන් ඔලුව දෙපැත්තට වැනුවා
" ඔයා කොහෙද ජන්කුකී..? ඉන්න තැනක පරිස්සමින් ඉන්නවා නේද..?"
Home screen එකේ තිබුනු එයාගෙයි ජන්කූක්ගෙයි ෆොටෝ එකක් දිහා බලාගෙන මිමිනුවා මේ දවස් වල ටිකක් ජන්කූක් එයාව මගහරිනවා කියලා ටේහ්යුන්ට දැනුනත් කොල්ලා හිත හදාගත්තේ දැන් යුනි එකේ වැඩ එක්ක කොල්ලා බිසි ඇති කියලා ඒත් ඇත්තටම එහෙම ද..?
" බෙයා.. කන්න එන්න "
" හරි පපා.."
ජන්කූක්ගේ ෆොටෝ එකට කිස් එකකුත් දුන්නු ටේහ්යුන් ෆෝන් එක පැත්තකින් තියලා පහලට දුවගෙන ගියේ පරක්කු වුනොත් එයාගේ පපාගේ ඓතිහාසික සෝස්පන් රාජයාගේ පශ්චාත් භාගේ රත් වෙන්න පාරක් කන්න හම්බෙන නිසා
" අප්පා ආවේ නැද්ද පපා..?"
නම්ජූන් පේන්න නොහිටපු නිසා ටේහ්යුන් එහෙම අහගෙන dinning table එකට ආවා
" නැ බෙයා අප්පා එනකොට අද පරක්කු වෙයි කිව්වා "
ජින් කිව්වාම ඔලුව වැනුව ටේහ්යුන් වාඩිවුනා ටේහ්යුන්ට කන්න බෙදලා දීපු ජින් කොල්ලාගේ ලගින් වාඩිවුනා ජින් කන්නේ නම්ජූන් ආවාට පස්සේ නිසා ටේහ්යුන් කෑවා
" බෙයා යුනි එකේ වැඩ කොහොමද..?"
" හොදයි පපා කරගෙන යනවා.."
ටේහ්යුන් ජින් දිහා බලලා හැමෝම වශි කරගන්නා එයාගේ ලස්සන බොක්සි ස්මයිල් එකෙන් සංග්රහ කලා
" බෙයා මෙඩිකල් පැත්තට යනවාට මගේ නම් වැඩි කැමැත්තක් නැ ඒත් බෙයාගේ ආසාව නේ ම්ම්ම් ඔයා මහන්සි වෙලා වැඩ ටික කරගෙන යන්න මමත් ආසායි specialist doctor කෙනෙක්ගේ පපා වෙන්න "
ජින් ගැම්මෙන් අන්තිම ටික කියද්දී ටේහ්යුන් ජින් දිහා බැලුවා කොල්ලාට තේරුනා ජින් එයා ගැන ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නේ කියලා ඉතින් කොල්ලා හිතාගත්තා එයාට පන වගේ ආදරේ කරන එයාගේ පපාගේ පුංචි ආසාව ඉෂ්ට කරන්න
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
