05 • 𝙺𝚒𝚜𝚜 •

1.7K 199 18
                                        

පසුදින ලමයි හැමෝම උද්යෝගයෙන් පාසලේ ක්‍රීඩා පිටිය කරා දුවගෙන ගියා ඒත් ටේමින් දෙන්නා නම් හිටියේ මරන්න අරගෙන යන හරක් ජෝඩුවක් වගේ ඒ දෙන්නා ස්පෝට් වලට අකමැති නිසා නෙවෙයි එයාලගේ house captain sport captain නිසා තමයි කොල්ලෝ දෙන්නා මූඩ් අප්සට් ගහලා හිටියේ හැමෝම ground එක පැත්තට යන නිසා ඒ දෙන්නත් ඒ පැත්තට ඇවිදගෙන ගියා

" ටෙයියෝ......මුන් දෙන්නා අපිට මොනවා කරයි ද...?"

Ground එක පැත්තට ඇවිදගෙන යන ගමන් ජිමින් ඇහුවා

" අනේ මන්දා කොටෝ....වෙන දේකට මුහුන දෙමු.."

ටේහ්‍යුන් කිව්වා ground එකේ නිවාස හතරට වෙන වෙනම ස්ථාන වෙන් කරලා තිබුනා ටේමින් දෙන්නා තමන්ගේ නිවාසයට වෙන් කරලා තිබුනු තැනට ගියා එතකොටම ටේහ්‍යුන්ගේ ඇස් ගැටුනේ කොල කිහිපයක් අතේ තියාගෙන ඩෙස්ක් එකක් උඩ වාඩිවෙලා යුංගි එක්ක කතාවක ඉන්න ජන්කූක්ව

ජන්කූක්ව දැක්කාම කොල්ලාට මතක් වුනේ ඊයේ සුපර්මාකට් එකේදී වුනු දේවල් ටේහ්‍යුන් එයාගේ ඇස් ජන්කූක්ගෙන් අරගෙන වෙනතක් බලාගත්තා ටික වෙලාවකින් ජන්කූක් ඩෙස්ක් එක උඩ නැගලා හිටපු ලමයි දිහා බැලුවා ඒ අතරේ එයා බලාපොරොත්තු වුනු මුහුනකුත් තිබුනා

" හැමෝම ඇවිල්ලා නේ....අද ඉදන් අපි තරග වලට ලමයි තෝරනවා අද ඉදලා සතියක් යනකම් තරග වලට ලමයි තෝරගන්න පුලුවන් ඉතුරු සති දෙක තුල තෝරගත්ත ලමයින්ට ප්‍රැක්ටිස් තියෙනවා එතකොට අද අපි තීරණය කලේ running and swimming වලට ලමයි තෝරන්න දුවන්න පුලුවන් අය ground එකේ ඉතුරු වෙනකොට swimming වලට දක්ෂ අය pool එක පැත්තට යන්න හැබැයි තොපි එකෙක් හරි කට්ටි පැනලා අහුවුනොත් ආයේ ඌට ස්කූල් එක පැත්තෙවත් එන්න බැරි වෙයි "

ජන්කූක් අන්තිම ටික තර්ජනාත්මක ස්වරයකින් කිව්වා හැමෝම වගේ දන්නවා ජන්කූක් කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා ඒක නිසා හැම ලමයෙක්ම ඔලුව වැනුවා

" අපි මොකද ටෙයියෝ කරන්නේ මට ඔය දෙකෙන් එකක්වත් බැ ඩාන්ස් එකක් වගේ කරන්න කිව්වා නම් කරන්න තිබ්බා "

ජිමින් මූනත් නරක් කරගෙන කියනකොට ටේහ්‍යුන් කොල්ලාගේ ඔලුවට ටොක්කක් ඇන්නා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Where stories live. Discover now