[ 11 ] - dada~ kookie sowry 🥺

746 187 60
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........




Kim enterprice එකේ CEO ගෙ cabin එක මේ වෙද්දි තිබ්බෙ ලොකු නිශ්ශබ්දතාවෙක ගිලිලා... හැබැයි ඒ අමුතුම නිශ්ශබ්දතාවයත් එක්ක කියාගන්න බැරි තරමෙ නොසන්සුන් වාතාවරණයක් ඒ cabin එක ඇතුලෙ ඉබේටම නිර්මාණය වෙලා තිබ්බෙ හරියට සුනාමියක් එන්න කලින් මුහුද ගොඩක් සන්සුන් ව තියනව වගේ..

Cabin එකේ තිබ්බ දිග L හැඩේ සෝෆා එකේ එක පැත්තක අයිනෙන් Taehyung ඉදගෙන හිටියෙ පිටිපස්සෙ කුෂන් එකට එයාගෙ ඔලුව බර කරන් ඇස් දෙකත් තද කරල පියාගෙන.. මේ මොහොතෙ එයාගෙ මූණ දිහා බලන ඕනි කෙනෙක්ට හරිම ලේසියෙන් කියන්න පුළුවන් එයා දැන් ඉන්නෙ කොයිතරම් ලොකු stress එකකින්ද , කොයිතරම් ලොකු pressure එකකින්ද , කොයිතරම් ලොකු තරහකින්ද වගේම කොයිතරම් ලොකු කලකිරීමකින් ද කියලා...

ඒත් කියන්නම ඕනෙ, එයා ඉදගෙන හිටියෙ තනියම නෙවේ.. එයාගෙ ඔඩොක්කුවෙ ඉදගෙන හිටපු තවත් පොඩි කොලු පැටියෙක් බූවල්ලෙක් වගේ Taehyung ව බදාගෙන හිටියෙ එයාගෙ වයින් හැලුනු Shirt එකේ ඔලුවත් තියාගෙන... ඒ පොඩි එකාගෙ හුරතල් මූණ දිගටම අඩපු නිසා ගොඩක් රතු පාට වෙලා තිබ්බ.. ඒ වගේම ඒ බම්බි ඇස් වලින් තවමත් උණු කදුළු බින්දු බේරිලා යද්දි එයාගෙ නහයෙනුත් වතුර වගේ හොටු බේරිලා ගියේ Taehyung ගෙ Shirt එක තව තවත් අපිරිසිදු කරලා..
නමුත් වැදගත්ම දේ, එයාගෙන් කිසිම සද්දයක් පිට වුණේ නෑ.. මොකද කියනව නම් එයා එයාගෙ කටින් එන්න හදන පුංචි ඉකිය පවා නවත්තගන්න තමන්ගෙ යටිතොල තද කරල දත් අස්සෙ හිර කරන් හිටියෙ.. ඒ ඇයි කියල ඇහුවොත්, මීට විනාඩි ගානකට කලින් එයාගෙ ඩැඩා එයාට සද්දෙන් කෑ ගැහුව එයාගෙ ඇඩිල්ල නවත්තගන්න කියලා..

එතකොට ඒ සෝෆා එකේ අනිත් කෙළවරේ Taehyung ගෙ ඇගේම ඇලිලා ඉන්න කොහොල්ලෑ බබාගෙ ඔම්මයි, අප්පයි, hyung jimin නුයි ඉදගෙන හිටියා.. එයාලගෙ මූණු වල තිබ්බෙ ලොකු පසුතැවීමක්, දුකක් වගේම සමාව අයදින පෙනුමක්..

අර කොලු පැටියගෙ ඔම්මා එහෙම නැත්නම් Mrs.Jeon, එයාගෙ ඇස් වල කදුළුත් පුරෝගෙන දිගටම බිම බලාගෙන හිටියා.. මොකද එයාට එතන ඉන්න Taehyung ගෙ පවුලෙ අයට මුහුණ දෙන්න බැරිකමක් තිබ්බෙ.
එතකොට එයාගෙ Husband, Mr.Jeon තමන්ගෙ එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්න තමන්ගෙ ආදරණීය බිරිදගෙ පිට හිමීට අතගාන ගමන් එයාව සන්සුන් කරන්න උත්සාහ කරනවා.
ආයෙ, අර කොලු පැටියගෙ hyung professor Jimin, සැරෙන් සැරේ බර හුස්ම අරන් පිට කරන ගමන් Taehyung ගෙ ඔඩොක්කුවට වෙලා තාමත් අඩන තමන්ගෙ පුංචි හුරතලේ දිහා ගොඩක් කලකිරීමෙන් වගේ බලාගෙන හිටියා.. මොකද මේ වෙද්දි එයාට ගොඩක් මහන්සී, ඒ කොහොල්ලෑ බබාව Taehyung ගෙන් අයින් කරන්න හදලම.. ඉතින් බැරිම තැන තමයි එයා ඒ වැඩේ අත්තැරල දාලා මෙහෙම අසරණ විදියට ඒ දිහා බලාගෙන ඉන්නෙ..

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now