[ 34 ] - Angry Bird 😡

340 106 117
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |.............








Time Pass >>>

එදා ඒ සිද්ධියෙන් පස්සෙ ආපහු දවස් ගත වෙන්න ගත්තෙ හරි ඉක්මනට..

Taehyung කිව්ව වගේම පහුවදා ඉදන් හැමදාම කුකී බබා school යන දවසට එයාගෙ පස්සෙන් guard එකට දෙන්නෙක් දැම්මේ කුකීගෙ දෙමව්පියන්ට තියා කුකීටවත් ඒ ගැන නොදැනෙන්න. සමහර දවසට Taehyung පවා කුකීගෙ school එක හරියෙ ටිකක් වෙලා ඉදලා ගිය අවස්ථා ඕනි තරම් තිබ්බ.
ඒකෙන් මේකෙන් උනේ Yujin නුත් කුකීගෙ school එක ළග කාලෙ කන එක නවත්තල දැම්ම එක. මොකද එයාට තේරුනා ආපහු එතන කුකී ට ළංවෙන්න පොඩිම අවස්ථාවක් වත් නෑ කියල..

ඔය විදියට කිසිම කරදරයක් නැතුව සාමාන්‍ය දවස් කීපයක් ගෙවිලා ගියේ Taehyung වත් කුකී බබාවත් තව ටිකක් ඒ දෙන්නට ළං කරවලා.

මේ ගෙවුණු මාස එකහමාරට හැම weekend එකේම කුකී බබා Taehyung ගෙ ගෙදර ගිහින් නැවතුනා වගේම Taehyung නුත් එයාට පුළුවන් හැම වෙලාවකම කුකීගේ ගෙදර ඇවිත් පොඩි එකාව බලලා ගියා.

Taehyung ගෙ අලුත් site එකේ වැඩ ටිකත් දැන් ඉක්මනින් ඉක්මනින් කෙරීගෙන යන ගමන්. එතනත් තිබ්බ ගොඩක් ප්‍රශ්න මේ වෙද්දී විසඳිලා තිබ්බ වගේම resourt එක හැදීගෙන යද්දී ඒක ගැන කාගෙත් කතාබහට ලක් වෙලා තිබ්බ. මොකද ඒකේ තිබ්බ concept එක අනිත් ඒවට වඩා ගොඩක් වෙනස්... ස්වාභාවික පරිසරයට අවම හානියක් වෙන්න, රූස්සෙට වැවුණු ගස් ටිකවත් කපන්නෙ නැතුව ඒවත් බේරන ගමන් අහසට නගින බිත්ති දිහා වටේ පිටේ මිනිස්සුත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා.

 ස්වාභාවික පරිසරයට අවම හානියක් වෙන්න, රූස්සෙට වැවුණු ගස් ටිකවත් කපන්නෙ නැතුව ඒවත් බේරන ගමන් අහසට නගින බිත්ති දිහා වටේ පිටේ මිනිස්සුත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Taehyung ගෙ dream resourt එක)

.
.
.
.

After 2 months

හෙට තමා අපෙ කුකී බබාගෙ birthday එක.. ඉතින් අපේ පොඩි එකා ඒ ගැන ඉන්නේ ගොඩක් ගොඩක් excite වෙලා...
මොකද birth day එක එන්නෙ අවුරුද්දට එක පාරයිනේ. ඉතින් ඒ දවසට කුකී බබාට ඉහේ මල් පිපුණා වගේ තමයි.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now