[ 24 ] - one step closer~ 💘

579 137 133
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ ʔ ||............






TIMEPASS >>>

එදා ගෙබි සීන් එක වුණු දවසෙ රෑ කුකී බබයි එයාගෙ පවුලෙ අයයි ආපහු එයාලගෙ ගෙදර ගියේ කුකී බබාගෙ දැඩි විරෝධය මැද්දෙ.. එයාගෙ ඩැඩා එක්ක කුකී ගත කරපු ඒ ටික දවසට එයා කොයිතරම් Taehyung ට attached වෙලා තිබ්බද කියනව නම් එයා එයාගෙ ඔම්මයි අප්පයි නැතුව වුණත් ඩැඩා එක්ක එහෙ ඉන්න කැමතී කිය කිය සෑහෙන්න ඇඩුවා.. ඒත් අන්තිමේ දි Taehyung එයාව කොහොමහරි cool down කරලා එයාගෙ දෙමව්පියො එක්ක ගෙදර යැව්වෙ ආපහු ඉක්මනටම කුකී බබාව බලන්න එන්න promise වෙලා.

එදා ඉදන් අද වෙනකන් මේ ගත වුණු සතිය ඇතුලත හැමදාම ටේකුක් ඩබල vedio call වලින් කතා කලා.. ඇත්තටම ඒ වැඩේ කුකී බබාගෙ ඔම්මටත් ගොඩක් ලේසී.. කුකී එයාගෙ ඩැඩාව ඉල්ලලා අඩන හැමපාරම ඉක්මනට Taehyung ට call එකක් අරන් දෙන එයා පස්සෙ Taehyung ට කුකීව හුරතල් කරන්න දීලා එයාගෙ වැඩක් කරගන්නව.

Taehyung වුණත් ඒ වැඩේට ඉහලින්ම කැමති වුණා.. සමහර වෙලාවට එයා meeting වල ඉදගෙනත් කුකීගෙ calls answer කරලා phone එක ඉස්සරහින් තියාගෙන එයාගෙ වැඩේ කරගෙන ගියා. කුකී බබා වුණත් දැන් දන්නව Taehyung වැඩක ඉන්නව නම් එයාට කරදර නොකර ඉන්න ඕනෙ කියලා. ඉතින් එහෙම වෙලාවට එයා කරන්නෙ මුකුත් ම කතා නොකර Phone එකේ තිරෙන් පේන Taehyung දිහා ඔහේ බලන් ඉන්න එක. සමහර වෙලාවට එයාට එහෙම්මම නින්දත් යනවා.

මේ සතියෙ ඇතුලත Taehyung ගෙ අලුත් resort එකේ වැඩත් පටන් ගත්තා. දැනට ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව හිමීට කෙරීගෙන යනවා.. Yujin නුත් මේ ටිකේම Taehyung ගෙ office එකට ආවා වුණත් වැඩි වෙලා නොයිද ආපහු යන්නේ සමහර විට එයාට ඕනි දේ එහෙ තිබ්බෙ නැති නිසා වෙන්න ඇති..

කුකී බබා නැතුව Taehyung ගෙ මමාත් මේ සතියෙම ගොඩක් පාළුවෙන් හිටියෙ. හැබැයි එයා නම් එක දවසක දවල් වරුවේ කුකීලගෙ ගෙදරට ගිහින් ආවෙ ඉවසන්නම බැරි තැන. ඒ තරමට Mrs.Kim කුකී බබාට ආදරේ කලා.

ඇත්තටම කතා කලොත් ඉතින් මොන මනුස්සයද දෙයියනේ මේ තරම් හුරතල් බෝලෙකට ආදරේ නොකරන්නෙ !!

................

අද, කුකීලා ගෙදර ගියාට පස්සෙ ගතවෙන දෙවනි සතියෙ බදාදා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now