[ 32 ] - Scenting him! 👨‍❤️‍💋‍👨

363 111 77
                                    

| ʕ ͡◑ ᴗ ͡◑ʔ ||...........








🚩 Flashback >>>>

කුකීගෙ class teacher එයාගෙ class එකේ ළමයි ටිකවත් එක්ක ගෙන school එකෙන් එළියෙ තියෙන එයාලගෙ play ground එකට ආවෙ, time table එකට අනුව මේ වෙලාවෙ තියෙන්නෙ පොඩ්ඩොන්ගෙ play time එක වුණ නිසා.
සුපුරුදු පරිදි ළමයි ටික ground එක පුරා දුව දුව සෙල්ලම් කරද්දි පැත්තක තිබුණු පොඩි Hut එක ඇතුලෙන් ඉදගත්ත teacher ඒ හැමෝම ගැන අවධානෙන් හිටියා.

Taecher හිටපු hut එකට ළඟින්ම ඉදගෙන කුකී බබයි Gayol ලුයි බෝලයක් pass කර කර හිටියෙ කුකී කොහොමත් Gayol ඇරුනම වෙන කවුරුවත් එක්ක සෙල්ලම් කරන්න යන්නෙ නැති නිසා. ඒ නිසාමයි එයා class එකේ ඉදන් එද්දි එයාලට විතරක් play කරන්න තනි බෝලයක් අරන් ආවෙ.

ටිකකින් Gayol ට එයාගෙ වෙන යාලුවෙක් කතා කලේ එයාල එක්කත් සෙල්ලම් කරන්න එන්න කියලා. ඔහ්~ ඒක හරිම සාමාන්‍යයි. මොකද Gayol ට class එකේ ගොඩක් යාලුවො හිටියා.
ඉතින් Gayol ටිකකට කුකීගෙන් වෙන් වෙලා එයාගෙ අනිත් යාලුවො ටික ළඟට ගියේ ආපහු Gayol එනකන් කුකී තනියම එයාගෙ බෝලෙත් එක්ක සෙල්ලම් කරන්න ගනිද්දි.

ඔය අතරෙ කුකීගෙ class mate කෙනෙක් එකපාරටම හයියෙන් අඩන්න ගත්තෙ එයා දුවන්න ගිහින් බිම වැටිලා. ඒ සද්දෙට හැමෝගෙම අවධානෙ එයා ගාවට යද්දි කුකීගෙ class teacher ත් ඉක්මනට නැගිටලා ඒ ළමය ළඟට දිව්වෙ මොකද්ද වුණේ බලන්න.

වැටුණු පාරට කෙල්ලගෙ අත් දෙකයි දණිස් දෙකයි ටිකක් තුවාල වෙලා වගේ. ඒත් ground එකේ තිබ්බ වැලියි දූවිල්ලයි එක්ක ඒක හරියට පේන්නෙ නෑ.

ඒ නිසා ඒ ළමයව පරිස්සමින් නැගිට්ටව ගත්ත class teacher, ground එකේ කෙලවර තිබ්බ tap එක ළඟට එයාව එක්කගෙන ගියේ එයාගෙ අත් දෙක හෝදවන්න. ඒ කෙල්ලත් එක්ක දුව දුව හිටපු තව ළමයි කීප දෙනෙක් taecher ගෙ පස්සෙන්ම tap එක ළඟට දුවද්දි අනිත් ළමයි ටික ආපහු එයාලගෙ මැද්දෙන් නවත්තපු සෙල්ලම පටන් ගත්තේ කුකීගෙ අවධානෙත් අර සිද්ධියෙන් මිදිලා ආපහු එයාගෙ කකුල ළඟ තිබ්බ බෝලෙට යද්දි.

දෙතුන් පාරක් හිමින් සැරෙ බෝලෙට ගගහ හිටපු කුකී එක පාරටම හයියෙන් පාරක් බෝලෙට දුන්නෙ බෝලෙ උඩින් ගිහිල්ලා වැටෙන් එහා පැත්තේ තිබ්බ පාරට වැටෙද්දී. ඒ ගමන ටික වෙලාවක් ඒක දිහා කන්න වගේ බලන් හිටපු කුකී පස්සෙ බෝලෙටත් ගස්සගෙන වගේ ගිහින් අර hut එක ඇතුලෙ බිම ඉදගත්තෙ අත් දෙකත් පපුවට බැදගෙන ඔරොප්පුවෙන්. ඌව් අපේ කුකී බබාට බෝලෙ එක්කත් කේන්ති ගිහින් වගේ.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now