[ 35 ] - තුතීගෙ හැපිබර්ත්ඩේ එක 🤩

315 95 123
                                    

|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |.............








Next Day Morning 🌞

කුස්සිය පැත්තෙන් ඇහෙන සද්ද බද්ද එන්න එන්නම වැඩි වෙනවත් එක්ක කුකී ට කලින් නින්දෙන් නැගිටපු Taehyung හිමීට එයාගෙ පපුවට උඩ නිදන් හිටපු කුකී බබාව තමන්ගෙන් ඈත් කරල මෙට්ටෙන් ඇල කලේ පොඩ්ඩගෙ නළලට kiss එකකුත් තියලා..

🐯 - " මගේ හිච්චි දඩබ්බරයා. "

ඇහෙන නෑහෙන ගානට එහෙම කියල කට කොනින් හිනවුණු Taehyung ඉක්මනට මූණ කට හෝදගෙන කාමරෙන් එළියට ගියේ කුකී නැගිටින්න කලින්.

ඔව් ඔයාලා හිතුවා හරි. Taehyung මේ ඉන්නෙ Jeon ගෙදර තමා.
ඒත් සමහරු කියල තිබ්බ වගේ මේක surprise කරන්න බලන් ආව ගමනක් නම් නෙවෙයි ඔන්න. අහිංසක තරුණයෙක් ගෙ පන කෙන්ද බේරගන්න ආව ගමනක්.. !

ඇත්තටම වුණේ මේකයි..

Taehyung ට ඊයේ හවස හදිස්සියෙම site එකට යන්න වුණු එක ඇත්ත. එතන වැඩ වලට ගෙනාපු material වල පොඩි අවුලක් වෙලා ඒක බලන්න අනිවාර්යෙන්ම Taehyung ට යන්න වුණා.
ඒත් එයාට කුකී බබාගෙ birth day එක මතක තිබ්බ. ඒ යකා බොරුවට තමා ඒක අමතකයි වගේ රඟපෑවේ. ඇයි දෙයියනේ ඉතින් කොහොමද අමතක වෙන්නද මේ හිච්චි කොල්ලා හැමතිස්සෙම ඒක මන්තරේ වගේ මතුරද්දි !

Site එකේ වැඩේ settle කරන්න කොච්චර වෙලාවක් යයිද කියල හරියටම හිතාගන්න බැරිකමට තමා Taehyung කුකී බබාට කිව්වෙ එයා රෑ එන්නෙ නැතුව උදෙන්ම එන්නම් කියලා. ඒත් කොහෙද ඉතින් මේ යස්ස පැටිය යුද්ධ ප්‍රකාශ කලානේ.!

මුලින්ම Taehyung හිතුව ටිකකින් කුකී බබා cool down වෙලා shape එකේ ඉදී කියලා.
ඒත් කොහෙද !
රෑ 9 ත් පහුවෙනකන් ආපහු කුකීගෙන් call එකක්වත් නැතිකොට Taehyung ට තේරුණා තත්වෙ භයානකයි කියලා. ඒ නිසා තමා එයා කුකී ගෙ hyung ට කතා කරල විස්තරේ අහුවේ. මොකද එයා දැනගෙන හිටිය දවල් call එකේදි කුකී ඔම්මගේ phone එක කඩපු බව. හී... මනුස්සයා line එකේනෙ හිටියෙ phone එක උඩින් ගිහින් බිම වැටෙද්දි.

Jimin ගෙන් දැනගත්ත විස්තරේ අනුව ඒ වෙලේ නම් කුකී බබා නිදාගෙන ඉඳල තියෙන්නේ. Mr.Jeon ගෙ කටේ බලේට රෑට බත් කටවල් දෙක තුනක් කොල්ල කාලා තිබ්බ වගේම වොෂ් එකක් නොදැම්මත් Mrs.Jeon කුකීගෙ school uniform එක මාරු කරවලා තිබ්බ. කොල්ල අඩ අඩයි නිදාගත්තෙත් කිව්වම මහන්සිය පැත්තක දාලා අතන වැඩේ ඉවර වුනු ගමන් Taehyung, Jeon ගෙදරට ආවේ කොහොමත් එයාගෙ car එකේ උදේ pack කරගෙන ආව රෙදි bag එක තිබ්බ හින්දා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now