[ 26 ] - spy ! 🕵️‍♂️

557 138 87
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........








Next Day Morning ☀

🐯 - " Good morning my pretty baby.. "

අදත් කුකීට කලින් නින්දෙන් නැගිට්ට Taehyung එයාගෙ අත් අස්සෙ හැංගිලා වගේ නිදන් ඉන්න කුකී බබාට morning kiss එක දුන්නෙ එයාව ඇහැරවෙන්නෙ නැතිවෙන්න.

Taehyung ට අද උදේ වරුවේ Company යන්න වෙලා.  ඇත්තටම එයා කලින් plan කරල තිබ්බෙ අද දවසම කුකී බබා එක්ක කොයිහරි ඇවිදින්න යන්න. ඒත් ඊයේ රෑ එයාගෙ secretary ගෙන් ආපු හදිස්සි call එකක් නිසා එයාට එයාගෙ plan එක ටිකක් වෙනස් කරන්න වුණා. දැන් එයා උදේ වරුව company එකට ගිහින් දවල්ට ආපහු ගෙදර එන්නයි හිතන් ඉන්නෙ.

බොහොම පරිස්සමට කුකීව තමන්ගෙ අත් අතරින් ගලෝගත්ත Taehyung එයාට කොට්ටෙකුත් හේත්තු කරල එහෙම්මම Bathroom එකට ගියා.. හිතේ හැටියට නාගෙන තුවායකුත් ඉනේ පටලන් පැය බාගෙකට විතර පස්සෙ එයා එලියට ආවෙ හැමදාම උදේට එයාගෙ නැනී ඇද ගාවින් තියල යන තමන්ගෙ milk-coffee එක බලාපොරොත්තුවෙන්..

ඒත්,

🐰 - " ඩැ-ඩා~ "

Bed table එක උඩ තාමත් දුම් දදා තියෙන තමන්ගෙ කෝපි කෝප්පෙත් ටිකකට අමතක කරල ඊළඟ මොහොතෙම Taehyung ඇස් දෙක දුවල ගියේ ඇද උඩ ඉදගෙන එයාට තුරුල් කරල ගිය කොට්ටෙත් බදන් මූණත් රතු කරගෙන අඩන්න ඔන්න මෙන්න ඉන්න එයාගෙ කුකී බබා ළඟට.

🐯 - " ඔහ්හ් බේබි ! ඔයා අද උදෙන්ම නැගිට්ටද ! "

එහෙම අහන ගමන් හිමීට ඇද ලගට කිට්ටු වුණු Taehyung තමන්ගෙ අත් දෙක එයා දිහාට දික් කරපු පරක්කුවට අර පොඩි එකත් පැනගෙන ඇවිත් Taehyung ගෙ ඇගේ එල්ලුනේ මෙච්චර වෙලා ඒ බෝල ඇස් වල නලියපු කදුළු බින්දුත් ඒ කම්මුල් තෙමාගෙන පහලට බේරිලා යද්දි.

🐯 - " ඇයි මේ අඩන්නෙ?  ම්ම්ම්....
මොකද වුණේ මගෙ Baby bun ට ? "

තමන්ගෙ නිරුවත් පපුව ආපහු තෙත් කරන ඒ කදුළු බිංදු වල උණුසුම දැනෙද්දි කුකීගෙ රෝස පාට කම්මුලකින් චූටි හාදුවක් තියල එහෙම අහපු Taehyung, පස්සෙ කුකීවත් වඩාගෙනම එයාගෙ පිටත් අතගාන ගමන් තමන්ගෙ closet එක පැත්තට අඩි තිබ්බෙ එයාගෙ නැනී එයාට අද අදින්න ලෑස්ති කරල තිබ්බ full suite එක ගන්න..

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now