[ 13 ] - ඩැඩාගෙ ඩෙදල 🏰

844 210 96
                                    


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........






👧 - " එන්න ඇතුලට "

Kim mansion එකේ විශාල ලී දොර ඉස්සරහ තාමත් හිටගෙන බලාගෙන ඉන්න Jeon පවුලෙ අයට Mrs.Kim එහෙම කිව්වෙ හරිම සුහද විදියට.

ටේ කුකී දෙන්නා ඇදුම් මාරු කරන් ආවට පස්සෙ Mrs.Kim ගෙ යෝජනාවට එයාලා හැමෝම එහෙම්මම Kim mansion එකට ආවා..
හැමෝම කිව්වට ඉතින් Mr.Kim එක්ක Taehyung පොඩ්ඩක් Company එකේ නැවතුනා එතන ඉතුරු වුණු වැඩ ටිකක් ඉවර කරලා දාන්න.. චූටි කුකීව Mrs.Kim කොහොමහරි එයාලා එක්ක එක්කගෙන ආවා එයාට නානා මිල්කියි, කුකීසුයි ඕනි තරම් අරන් දෙනව කියලා පොරොන්දු කරගෙන.

කොහොමත් කුකී දැන් එයාගෙ 'ලස්සන ආන්ටි ' ට කලින්ට වඩා ගොඩාක් කැමතී.. ඒකට හේතු මොනවද කියලා ඇහුවොත්.... පළවෙනි එක එයා ලස්සනයි. ඒ වගේම ඒ එයාගෙ ඩැඩාගෙ මමා. දෙක, එයා හැමතිස්සෙම කුකීගෙ පැත්තට කතා කරනවා. තුන, අද එයා Company එකේ ඉදන් mansion එකට එන ගමන් කුකීට රසම රස අයිසි කිලිං 2 ක් ම අරන් දුන්නා. හතර, ඒ ලස්සන ආන්ටිගෙ Car එක කුකී ආසම වර්ගෙ ආසම පාට එකක්.. ඒකයි අද එයා එයාගෙ ඔම්මයි, අප්පයි එක්ක hyung ගෙ Car එකේ එන එකත් ප්‍රතික්ෂේප කරලා Mrs.Kim එක්ක එයාගෙ car එකේ තනියම ආවෙ..

කොහොම කොහොම හරි අවසානෙදි කට්ටියම Kim mansion එකට ආවා... කුකීට නම් ඉතින් මෙලෝ සිහියක් නෑ එයා Mrs.Kim ගෙ අතේ එල්ලිලා හතර වටේම සිරි නරඹනවා... මොකද ඒ මාලිගාවක් වගේ ගෙදර ඒ පුංචි එකාට බලන්න දේවල් ඕනිවටත් වඩා තිබ්බා... සමහර දේවල් එයා මේ දකින පලවෙනි වතාව.
ඒත් Jeon පවුලෙ අනිත් අයගෙ තත්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණා.. හේතුව, අද දවස ඇතුලත සිද්ධ වුණු දේවලුත් එක්ක එයාලට තාමත් Kim පවුලෙ අයට කොහොම මූණදෙන්නද කියලා හිතාගන්න බෑ... ඒකයි එයාලා Mrs.Kim එක්කම mansion එක ඇතුලට නොයා එළියෙන් නැවතුනෙත්.. ඒත් Mrs.Kim ගොඩක් සුහදව එයාලට ආපහු ආරාධනා කලාට පස්සේ එහෙම්මම ඇතුලට ආපු ඒ තුන් දෙනාත් Mrs.Kim එක්කම Living room එකෙන් වාඩි වුණා.

👧 - " මේරී~ "

Mrs.Kim ඒ කතා කලේ mansion එකේ ඉන්න ප්‍රධාන සේවිකාවට.. එයාට තමා ඒ ගෙදර හැම වැඩක්ම බාරව තියෙන්නෙ.
Mrs.Kim ගෙ හඩ ඇහුනු පමණින් ටිකක් තරබාරු අවුරුදු 50 ක විතර කාන්තාවක් ඉක්මනට Living room ට ඇවිදන් ආවා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Where stories live. Discover now