°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 2 °°

473 107 49
                                    

යුයී ලස්සන දිග ගවුමක් ඇදගෙන කොණ්ඩෙ කඩා දාලා ඔලුවට මල් රවුමක් දාගෙන ලොකු බඩකුත් උස්සගෙන මල් වත්තක එක එක pose වලට ඉන්නකොට බෝ photos ගන්නවා. සැප නින්දෙ ඒ ලස්සන හීනෙ ආසාවෙන් දැක දැක හිටපු බෝ කොට්ටෙ අස්සෙ තිබ්බ phone එකේ alarm එක වදින සද්දෙට ගැස්සිලා ඇහැරුනා. වෙලාව පාන්දර එකයි. එකහාමාරකට තමා යුයීගෙ flight එක land කරන්නෙ.. ටක්ගාලා මූණ පොඩ්ඩක් හෝදගෙන අහුවෙච්ච කලිසමක් ඇදගෙන ඒකටම ටී ෂර්ට් එකක් දාගෙන වාහනේ අරගෙන Airport එකට ආවේ දවස් තුනකට පස්සෙ එයාගෙ වයිෆ් එන නිසා සතුටින්.. ඒ වෙලාවෙත් ඩියුටි හිටපු ටික දෙනෙක් බෝව දැකලා සැලියුට් කරේ බෝව දන්න නිසා... සාක්කු දෙකට අත්දෙක ඔබාගෙන වාඩිවුන බෝ තව වෙලාව තියෙන හින්දා පුටුවට ඔලුව හේත්තු කරගෙන ඇස් පියාගත්තා.

ඒ එක්කම ගෑනු කෙනෙක් කාටහරි බයින සද්දයක් ඇහුන නිසා බෝ හැරිලා බැලුවා. ලස්සන බබෙක් වඩාගත්ත ගෑනු කෙනෙක් එයා ඉස්සරහා ඉන්න පිරිමි කෙනාට හොඳටම බයිනවා. බබා උරිස්සෙ හොඳම නිදි.

"මට තවත් වදනොදී යනවා මනුස්සයෝ.. මං යන්නෙ මගෙ අම්මා ලඟට.."

"ඕන තැනක පලයන් මගෙ දරුවා දීලා"

"උබේ විතරක් නෙමෙයි මේ මගෙත් දරුවා.. කසාදයක් බැඳලා ඒ විදියට ඉන්න දන්නැති ජරා මිනිහා.."

"දීපන් දරුවව.."

"බෑ දෙන්නෑ.. උබට පුලුවන් දෙයක් කරපන්..."

ඉතාලි භාෂාවෙන් තමයි එයාලා බැනගන්නෙ.. ඕවා ඇහෙද්දි බෝ බලන් හිටියෙ ඒ බබා දිහා.. කිසිම දෙයක් දන්නැති චූටි පැටියා සිහියක් නැතුව අම්මගෙ උරිස්සෙ නිදි. බෝට දැනුනෙ දුකක්.. පවුල් ප්‍රශ්න නැති බිස්නස්, සල්ලි, දේපල ඔය හැමදේම තියෙන ලස්සන අනාගතයක් හදාගන්න ආස එයාලා වගේ දරුවෝ නැති කොච්චර කපල් මේ සමාජෙ ඉන්නවද.. ඒ වගේ අයටම තමා ලැබීම නැත්තෙ.. ඒත් ඔය වගේ රණ්ඩු කරන අයට දරුවන්ගෙ ලැබීම තිබිලත් ඒ මිනිස්සුන්ට ලස්සනට ජීවත් වෙන්න පින නෑ. ඒ අයට තියෙන්නෙ වෙනම ප්‍රශ්න.. බෝ බලාගෙන ඉද්දිම කෑගහපු අර ගෑනුකෙනා ලගේජ් එකත් ඇදගෙන යන්න ගියා.

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now