°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 21 °°

724 113 52
                                    

පහුවදාට එලිය වැටෙනකොට ලේන් පැටියෙක් වගේ බෝගෙ පපුව අස්සෙ ගුලිවෙලා හොඳටම නිදාගෙන ඉන්න බනිට පුරුද්දට වගේ ඇහැරුනා. අමාරුවෙන් බාගෙට ඇස් ඇරිය බනි තමන් ඉන්නෙ බෝගෙ පපුව අස්සෙ කියලා දැක්ක ගමන් ක්ශණිකව බෙල්ලෙන් පස්සට වෙලා පුදුමෙන් බැලුවෙ මහත්තයා තාම එයාගෙ ඇඳේ ඉන්නෙ ඇයි කියලා හිත අහද්දි... බනි හිතුවෙ එයාට නින්ද ගියහම මහත්තයා රෑම එයාගෙ කාමරෙන් යයි කියලා. හැබැයි බෝ තාම බනිව බදාගෙන හොඳටම නිදි බනිගෙ ඇඟ වටේ එතිලා තියෙන බෝගෙ අත බනිට අයින් කරගන්නත් බෑ. ඇස් වලට ආපු හිනාවත් එක්ක කම්මුල් හිරිවැටිලා යද්දි එයාගෙ මූණට ගෑවී නොගෑවී තියෙන මහත්තයගෙ පිරුන කම්මුල් එක්ක ලස්සන මූණ දිහා ටිකක්වෙලා බලාගෙන ඉදලා මහත්තයගෙ නලලට වැටිලා තියෙන කොණ්ඩ කූරු ටික යාන්තමට නොදැනෙන්න නලලෙන් අයින් කරන්න හදනකොටම පහලින් බෙල් කරන සද්දෙ බනිට ඇහුනා. ඒ හඬත් එක්ක ගැස්සිච්ච බනි

"හාහ් මැඩම්... මහත්තයා නැඟිටින්න.."

"ම්ම්ම්..."

ඇස් පියාගෙනම සද්දයක් දාපු බෝ තවත් ටිකක් බනිව ඇඟට තද කරගෙන නිදාගන්න හැදුනා. බනි බයවෙලා කකුල් දෙකත් එක්ක වෙවුලන්න වගේ

"මහත්තයා.. අනේ නැඟිටින්නකෝ.. මැඩම් ඇවිල්ලා"

"හා ඉතින්"

බෝ නින්දෙන් කියෝනවා. බනි කලබලයි ඒපාර අමාරුවෙන් බෝගෙ අත තල්ලු කරගෙන බනි කෙලින්වුනා.

"අනේ මහත්තයා මෙතනින් යන්නකෝ..."

"..............."

දැන් බනිට ඇඬෙන්නත් වගේ... ටිකක් ඇඟට අමාරුයිත් එක්ක කොන්ද පොඩ්ඩක් රිදෙනවා. අමාරුව පැත්තකට දාලා ඉක්මන්ට දොර ගාවට ගිහින් දොර බාගෙට ඇරලා ආයි ඇඳ ලඟට ගියා

"අනේ... මහත්තයා රූම් එකට යන්නකො... දොර අරින්නත් ඕන මැඩම් බලනවා ඇති ඇයි පරක්කු කියලා..."

ඒත් එක්කම බෝගෙ ෆෝන් එක rings යන්න ගත්ත නිසා බෝ ගානක් නැතුව ඇඳේ කෙලින්වෙලා ෆෝන් එක දිහා බැලුවා. කෝල් එක යුයීගෙන් බෝට ඒක ගානක් නෑ එයාගෙ ඇස් තියෙන්නෙ බනි ලඟ.. බනි ලොකු වරදක් කරලා වගේ අත්දෙක පොඩි කර කර ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. නලල රැලිකරගෙන බනි දිහා බලපු බෝ

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now