°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 3 °°

425 105 61
                                    

දවසෙ tour එක ඉවරවුනාට පස්සෙ යුයී දවල් ගෙදර ආවා. ඒ අතරෙ චූරං යුයීට calls අරගෙන.. ආපු ගමන් යුයී කරේ චූරංට call කරපු එක.. චූරං කියපු දේත් එක්ක යුයීගෙ සතුට දෙගුණ තෙගුණ උනේ pregnancy එකට කෙනෙක් කැමතිවුනා කියපු හින්දා... චූරං පොරොන්දු උනේ තව දවස් දෙකක් යනකොට අවශ්‍ය හැමදේම පිලිවෙලක් කරලා ඒ කෙනාව කැනඩාවට එවන්නම් කියලා.

අවුරුදු විසිතුනක් වෙන ඒ ළමයා මේ දේට කැමතිවෙලා තියෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි තමන්ගෙ අම්මගෙ bypass එකට සල්ලි හොයාගන්න කියලා තමයි චූරං යුයීට කිව්වෙ.. යුයීට ඒක අහලා තවත් අනුකම්පා හිතුනා. යුයී ඒ දවස් දෙක ගෙවිලා යනකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව.. ඒත් මේ ගැන බෝට කියන්න නොගියෙ බෝ කොහොමත් එයාගෙ තීරණේට අකමැතිබව දන්න නිසා... දැන් යුයීගෙ අයිඩියා එක තමයි බෝට මේකට කැමති වෙන්න බෑ කියන තැනට වැඩ කරන එක... යුයී ගෙවල් අස් කරලා වෙනම රූම් එකක් හදලා හැමදේම ඇරේන්ජ් කරා.
.
.
.
.

දවස් ගෙවිලා ගිහින් දවස උදාවුනා. චූරංගෙ පණිවිඩෙත් එක්ක යුයී හරි ආසාවෙන් flight එක එන වෙලාවට Airport එකට ගියා. ඒත් ගියේ ඔටාවා Airport එකට නෙමෙයි. මොකද එතන යුයීවයි, බෝවයි අඳුරන අය වැඩිනෙ ඒ නිසා යුයී ගියේ Mississauga, Ontario වල තියෙන Toronto Pearson Airport එකට චූරං යුයීට ජාන්ගෙ photo එකක් එවලා තිබුනා. යුයී border එක වටේට බබාලා ඉන්න ලස්සන බෝඩ් එකක ජාන්ගෙ නම ලියාගෙන උස්සගෙන හිටියෙ ජාන්ට එයාව හොයාගන්න ලේසි වෙන්න...

Flight එකක ජීවිතේට ඇවිල්ලා නැති ජාන් එනකන්ම ආවේ බඩේ බිත්තර තම්බ තම්බ මොකද එයාට හුරු නැති නිසා ලොකු බයක් දැනුනා. එහෙම කියලා එයාව මෙහෙට එක්කගෙන එන්න කෙනෙකුත් නෑ. බයයි කියලා නිකන් ඉන්නැතුව ජාන් හිතට හයිය අරගෙන මේ ගමන තනියෙන් එන්න තීරණය කරේ තමන්ගෙ අම්මා ගැන හිතලා. ජාන්ට ලොකුවට එයාගෙ දේවල් කියලා ගේන්න ඒවත් නෑ. පොඩි ලගේජ් එකේ ඇදුම් කෑලි පහයි එයයි අම්මයි ඉන්න photo එකකුයි, තව පොඩි නෝට් බුක් එකකුයි, රෙකෝඩර් එකකුයි විතරයි ජාන්ට එයාගෙ දේකට කියලා ගේන්න තිබුනෙ... සෙනඟ බහින අතරෙ බහින්න ගත්ත ජාන්ට පහල දැකලා බය හිතුන පාර කකුල් දෙක වෙවුලන්න ගත්තා. අනික එයා කවදාවත් මේ වගේ සෙනඟ අතර ගැවසිච්ච කෙනෙකුත් නෙමෙයි.

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now