°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 13 °°

421 105 53
                                    

යුයී ටුවර් එක ගිහින් ගෙදර ආවෙත් කැබ් එකක් දාගෙන එනකොට බෝට උණ හොඳටම හොඳයි. මැඩම්ව එක්කගෙන එන්න කියලා බනි මතක් කරත් බෝ ඒ ගැන තැකීමක් කරේ නැත්තෙ තාම යුයීත් එක්ක තරහින් හිටපු නිසා... බනිත් ආයි මතක් කර කර කරදර කරන්න ගියෙත් නෑ. යුයී ආපු වෙලාවෙ ඉදන් පුප්පගෙන එයාව කෙයා නොකර ඉන්න බෝගෙ වැඩ කරන්න පටන්ගත්තා. දවස් ගනන් ගොඩ ගහගෙන හිටපු රෙදි හෝදලා වැනුවා. බෝ ආසම සුප් එක හදලා දුන්නත් බෝ ඒක බිව්වෙ නෑ. සුප් එක නිවිලා ගිහින් බෝ ඔහොම වැඩ කරද්දිනන් යුයීට තරහා යනවා. ඒක ආයි රත් කරගෙන ආපු යුයී සුප් බෝල් එක බෝගෙ ඉස්සරහින් තියලා සද්දෙට

"බබා... මාත් එක්ක තරහා උනාට කමන්නෑ ඕක බොන්න.."

ඒ සද්දෙට බයවෙච්ච බනි tv එකත් off කරලා දැම්මා.

"ත්ච් දාන්න"

යුයීව ගානකට ගත්තෙ නැති බෝ ජාන්ට ආයි tv එක දාන්න කියද්දි ජාන් බලන් හිටියෙ යුයී දිහා. ඒ පාර බෝම remote එක අරගෙන tv එක on කරා. ටිකක්වෙලා බෝ දිහා බලන් හිටපු යුයී ගස්සගෙන ගිහින් කෑම හදලා ඉවරවෙලා උඩ යන්න හදලා ආයි බෝ ලඟට ඇවිල්ලා

"බබා තාම බිව්වෙ නැද්ද ආ.. බොනවද නැද්ද මං ආයි කියන්නෑ"

බෝ ඇස් tv එකට අලවගෙන වගේ බලන් ඉන්නෙ ජාන් ඇස් ලොකු කරගෙන දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලනවා.

"පොඩි බබෙක් වගේ වෙන්න ලැජ්ජ නැද්ද බබා.."

එහෙම කියලා ටිකක්වෙලා බලන් හිටපු යුයී බෝගෙ ඔලුවට ටොක්කක් ඇනගෙන උඩට යන ගමන් බනි දිහත් බලලා

"මේ මං ටිකක් නිදාගන්නවා... ඔය දෙන්නා කන්න හොඳේ..."

ජාන් ඔලුවෙන් හා කියද්දි බෝනන් පැත්තවත් බැලුවෙ නෑ.

"බබා ඔයා කීයටද යන්නෙ අද"

බෝගෙන් උත්තරයක් තියා බැල්මක්වත් නෑ. යුයී බෝට රවාගෙන උඩට නඟිනවා දැකලා ජාන්ට හිනා ගියා. 

"මොකද හිනා"

බෝගෙ හඬට ජාන්ගෙ හිනාව ක්ශණිකව අතුරුදහන්වෙලා යද්දි ඔලුව නවාගෙන ඔලුවෙන් නෑ නෑ කියලා බාගෙට ඇස් උස්සලා බෝ දිහා බලනකොට සුප් එක ඇස් වලින් පෙන්නපු බෝ අණක් දෙන හඬින්

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now