°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 9 °°

411 102 55
                                    

ඊයෙ දවසෙම නිදාගත්ත නිසා උදේම යුයීට ඇහැරුනා. රෑත් යුයී ගොඩක්වෙලා කල්පනා කර කර හිටියෙ තාම බෝ බනිට ලංවෙලා නැති එක ගැන.. ඒ විදියටම ඉන්න ගමන් ඇස් ඇරගෙන අත්දෙක පපුවට තියාගෙන හොඳට නිදාගෙන ඉන්න බෝ දිහත් බල බල කල්පනා කරපු යුයී නැඟිටින ගමන්

"මේක හරියන්නෑ.. බබා බබා නැඟිටින්න"

බෝ එක ඇහැක් ඇරලා යුයීව ලඟට ඇදලාගන්න හදනකොටම යුයී බෝව තල්ලු කරන ගමන් සැරෙන්

"මේ... ඔය හුරතලේ දැන් ඇති.. අවුරුදු පහක් හුරතල් කර කර හිටියා.. ඇනිවසරි එකත් ලඟයි.. කෝ නැඟිටිනවා..."

බෝගෙ නින්ද අතුරුදහන් වෙද්දි ඇඳේ කෙලින්වෙලා පුදුමෙන්

"බබා ඇයි මේ"

ඇඳෙන් නැඟිටපු යුයී බ්ලැන්කට් එකෙන් ඇඳට ගහලා

"ලව් කරන්න නෙමෙයි මට දැන් ඕන දරුවෙක්.. කොච්චර හොඳින් කිව්වත් අහන්නෑනෙ.."

බෝට පුදුමයි බලන් ඉද්දිම බෝගෙ අතින් ඇදපු යුයී

"කෝ නැඟිටිනවා.. ගිහින් වොශ් දාගෙන ඇදගන්නවා"

බෝව තල්ලු කරගෙන යන ගමන් කෑගහපු යුයී බෝව බාත්රූම් එකට තල්ලු කරලා

"ඉක්මන්ට"

දොර ලඟ නතරවුන බෝ පුදුමෙන්

"බබා...."

"විනාඩි පහයි දෙන්නෙ"

යුයී දොර වහලා දාලා ජාන්ව හොයාගෙන යනකොට ජාන් කෑම හදලා මේසෙටත් තියලා. යුයීගෙ කේන්තිය ක්ශණිකව නැතිවෙද්දි හිනාවෙලා කෑම දිහා බලලා

"අම්මෝ... බනි සුවඳ..."

බනි අහිංසක විදියට හිනාවුනා විතරයි. යුයී ජාන් ලඟට ලංවෙලා

"බනි ලෑස්වෙනවද අපි හොස්පිටල් යන්න ඕන"

"හා මැඩම් මං ටක්ගාලා එන්නන්.. මැඩම් මොලීට කෑම ටික දානවද.."

"හා බනි"

යුයීට හිතුනෙ බෝට වඩා අද ඊයෙ හම්බුන ජාන් එයා ගැන කොච්චර තේරුම් අරන්ද කියලා. ජාන් හදලා තිබ්බ මොලීගෙ කෑම ටික ගිහින් දාලා එයත් ලෑස්තිවෙලා පහලට ආවා.

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now