°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 25°°

448 87 35
                                    

දවසක් එලියෙ බෙන්ච් එකේ වාඩිවෙලා මොනවද මොලීටත් දිදී කනගමන් ඉන්න බනි දිහා බෝ පේන ජනේලෙන් හිනාවෙවී බලන ගමන් TV එක දාගෙන හිටියා. ඔය අතරෙ ගෙදර ෆෝන් එකට කෝල් එකක්... කෝල් එක එයාගෙ මමාගෙන් කියලා දැක්ක ගමන් බෝ ඒකට කතා කරේ සතුටින්

📱📲

📱: හෙලෝ මමා...

📱: පුතා.. යුයීට මොකද ඉතින්...

📱: ම්ම්ම් ඒ කිව්වෙ මමා...

මමත් කතා කරේ සතුටින්

📱: නෑ දරුවෝ ඉතින් මං ඇහුවේ... ඔය කාලෙට එක එක අමාරුකම් එනවනෙ ඒකයි...

📱: ......................

📱: හෙලෝ පුතා.. හෙලෝ හෙලෝ

📱: ආ අහ්ම්... මමා ඉන්න මං බබාට දෙන්න..

මමා කියපු දේත් එක්ක බෝගෙ වචන හිරවුනා. ගෙදර වැඩ අස්සෙ එහෙට මෙහෙට යන යුයී දිහා පුදුමෙන් බලපු බෝ එහෙම කියාගෙන ෆෝන් එක යුයීට දුන්නා. කෝල් එක ඉවරවෙනකන් බෝ හිත හිත හිටියෙ මමා දැන් ටිකකට කලින් එයාගෙන් අහපු දේ ගැන... යුයී කෝල් එක කට් කරනවත් එක්කම

"බබා... මමාලා එන්නන් කිව්වා..."

"ඔයා මොකද්ද මමාට කිව්වෙ"

"මොකද්ද?"

"මමා කියන්නෙ මුල්කාලෙ නිසා ඔයාට අමාරුවෙනවා කියලා.. මොකද්ද ඒ කතාවෙ තේරුම"

"What? baba අයියෝ.... ඒක තේරෙන්නැද්ද... මමා දන්නෙ මං ප්‍රෙග්නට් කියලනෙ..."

බෝ උකුලෙ තියන් හිටපු සෝෆා එකේ කොට්ටෙත් පැත්තකට දාලා නැඟිටින ගමන්

"කවුද එහෙම කිව්වෙ"

"බබා මොකද මේ... මං ප්‍රෙග්නට් නොකියා බනි ප්‍රෙග්නට්වෙලා කියන්නද ආ"

"එතකොට ඔයා මමාව රැවට්ටුවා.. හහ්.. එතකොට ඉස්සරහට ප්ලෑන් එක මොකද්ද?" එකක් බෑනෙ තව ඉස්සරහට ප්ලෑන්ස් ගොඩක් ගහන්න එපෑ..."

"බබා ඇයි මේ මට කෑගහන්නෙ ආ... මං මේ සේරම කරන්නෙ ඔයා නිසා.."

"නවත්තගන්නවා ඕක"

බෝ කියපු දේත් එක්ක ටිකක්වෙලා බෝ දිහා බලාගෙන හිටපු යුයී

"ඒපාර ඔයා මට බැනලා රණ්ඩුවෙන්නත් පටන්ගත්තද ආ"

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now