°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 23 °°

425 84 30
                                    

සීත කාලෙත් පටන්ගත්ත නිසා යුයීගෙයි බෝගෙයි ඩියුටි වෙනස්වුනා. ඒ අතරෙ දවසක් එයාපෝට් එකේදි නිකොලොව යුයීට අහම්බෙන් මුණගැහුනා. නිකොලො යුයීත් එක්ක බලෙන් කතාවට එන්න හැදුවත් යුයී කරේ නිකොලොව මඟැරපු එක...

යුයී දවල්ට කෑම හදලා මේසෙට කෑම අරිනකොට මෙච්චරවෙලා යුයීත් එක්ක කතා කර කර හිටපු ගාඕ ටිකක් කල්පනා කරලා

"නංගා ඔයාට පස්සෙ අරූව ආයි හම්බුනාද?"

"කවුද නිකොලොවද නෑ..."

"හම් ඌ..."

"ගගා ඕක නවත්තන්න බබා එනවා.. මං එයාට කිව්වෙ නෑ.."

යුයී හිමින් ගාඕට එහෙම කියාගෙන ටේබල් එක ලඟට යනකොට ගාඕ කියන්න හදපු කතාව නවත්තලා එයත් ටේබල් එකෙන් ඇවිල්ලා වාඩිවුනා. ඒ එක්කම බෝත් ඇවිල්ලා වාඩිවෙනකොට බනි ඇවිල්ලා වතුර ජග් එකයි වීදුරු තුනකුයි ගෙනල්ලා තිබ්බා. හැමදාම වගේ සාමාන්‍ය විදියට බෝගෙ ඇස් බනි ලඟ රැදෙද්දි බනි මූණ බිමට හරවගෙන වාඩිවෙනවද නැද්ද කිය කිය හිතන්න පටන්ගත්තා. ඒ අතරෙ බනි දිහා උනන්දුවෙන් බලපු ගාඕ

"ජාන් වාඩිවෙන්න ඉතින්..."

"මට බඩගිනි නෑ මහත්තයලා කන්න"

ජාන් හීන් හඬින් ඇහෙන නෑහෙන ගානට එහෙම කියනකොට ජාන් දිහත් බලපු යුයී

"මෙයා හැමදාම ඔහොමනෙ ගගා.. මෙච්චර අපිත් එක්ක ඉදලත් පුදුම ලැජ්ජාවක්..."

බනි අහිංසක හිනාවක් දාගෙන කිචන් එක පැත්තට යනකොට මෙච්චරවෙලා සේරම බලන් හිටපු බෝගෙ ඇසුත් බනිත් එක්කම ඇදුනා. ඊට පස්සෙ එයා කරේ හිතලම ඒ පැත්තෙන් ඇස් අහකට ගත්ත එක... බනිට කතා කරන්න ඕන උනත් කට්ටිය ඉන්න නිසා ඒකට නිදහසක් නැතිවෙද්දි බෝ නිහඬවම කන්න පටන් ගත්තා. හතර දෙනාම ඔහොම කන අතරෙ යුයී බෝ දිහා බලලා

"ආ බබා මේ එක අතකට බනි නැති එකත් හොඳයි... ගගා මට අරක මෙයාට කියන්න වෙලාවක් හම්බුන්නෑනෙ..."

යුයී කියපු දේ නිසා ගාඕගෙ මූණෙ ඇදෙන හිනාව දැක්කම බෝ ගාඕයි යුයී දිහා මාරුවෙන් මාරුවට බලන්න ගත්තෙ මෙයාලා මොකද්ද කියන්න හදන්නෙ කියලා හිතන ගමන්.. බෝගෙ පැත්තට හැරිච්ච යුයී හරි ඕනකමින්

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now