°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 24 °°

408 84 45
                                    

සීතල දරාගන්න බැරිවුනත් බනිට රූම් එකට යන්නත් හිතක් නැති නිසා සීතලට ලා දම් පාටවෙලා තියෙන අත්දෙක පොඩි කර කර පපුව අස්සට ගත්තා. බ්ලැන්කට් එක මුලු ඇඟේම ඔතාගෙන ඉන්න නිසයි එතනම තියෙන ගිනි උඳුන නිසයි ඇඟට සීතල දැනෙනවා අඩුයි. ටික වෙලාවකින් රූම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහෙනවත් එක්ක යාන්තමට ලඟින්ම ඇහුන අඩි සද්දෙන්ම බනිට අඳුරගන්න පුලුවන් උනා ඒ ආවේ මහත්තයා කියලා. බෝ ඇවිල්ලා මූණ බිමටහරවගෙන ඉන්න බනි දිහා බලාගෙනම ලඟින් වාඩිවුනා. මහත්තයගෙ සුපුරුදු සුවඳ නහය පුරා විහිදෙන්න ගන්නකොට බනිගෙ පපුවත් යාන්තමට ගැහෙන්න ගනිද්දි බනි බෙල්ල තවත් ටිකක් බිමට හරවගත්තා.

බෝ අත් දෙකේ අල්ල එකට එකට අතුල්ල අතුල්ල අත්වලට කටින් පිඹින ගමන් ඇහේ කොනෙන් බනි දිහා බැලුවට බනි මූණ බිමට හරවගෙන කිසි සද්දයක් නෑ. ටිකක්වෙලා කොණ්ඩෙට වැහිලා නොපෙනෙන බනිගෙ මූණ දිහා බලන් හිටපු බෝ හිමීට ඇඟිලිවලින් බනිගෙ කොණ්ඩෙ කන අස්සට කරද්දි ඒ ස්පර්ශෙත් එක්ක බනි ඇස් ලොකු කරගෙන බෝ දිහා බැලුවා. දෙන්නට දෙන්නව පේන්නෙ කොරිඩෝ එකට වැටෙන කහපාට ලයිට් එලියෙන් විතරයි.

"මූණ පේන්නෑ"

දිස්නෙ ගහන බැල්මෙන් එයා දිහා බලාගෙන කතා කරන මහත්තයා දිහා හිතාගන්න බැරුව ඒ ඇස් අස්සෙ හිරවෙලා හිටපු බනි ටක්ගාලා මහත්තයගෙන් ඇස් අහකට අරගෙන බිම බලාගත්තා. ඒ එක්කම මහත්තයා ටිකක් එයාට ලංවුනා කියලා තේරිච්ච ගමන් බනිගෙ පපුව තිබ්බට වඩා වේගෙන් ගැහෙන්න පටන් අරගෙන කන් දෙකත් හිරිවැටිලා යද්දි බනි හිතුවෙ ඉක්මන්ට නැඟිටලා රූම් එකට යන්න. ඒත් සීතලට කකුල් ලොක්වෙලා වගේ නිසා එකපාරට යාගන්න බෑ. අත්දෙක ටිකක්වෙලා ගුලි කරගෙන ඉදලා අත්දෙක එකට එක අතුල්ලනකොට බනිට දැනෙනවා මහත්තයා ඉන්නෙ එයා දිහා බලාගෙන කියලා. ඒත් බනිට මහත්තයා දිහා බලන්න බෑ. ඒ ඇයිද කියලා හිතාගන්නත් බෑ. හිතට මහ අමුත්තක් දැනෙන නිසා බනිට ඕන ඉක්මන්ට මෙතනින් අයින් වෙන්න. ඔය විදියට අපහසුවෙන් කරගන්න දෙයක් නැතුව වගේ අත්දෙක ගුලි කරගෙන ඉන්න බනි දිහා බලන් හිටපු බෝ යාන්තමට බනිගෙ ඉනවටෙන් අතක්දාලා බනිව එයාගෙ ලඟට ගත්තා. ඇදලා ගන්නකොට බනිව බෙන්ච් එක දිගේ බෝගෙ පැත්තට ලිස්සලා ආවා. දැන් බනි ඉන්නෙ බෝගෙ අත්දෙකට මැදිවෙලා

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now