°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 10 °°

424 100 72
                                    

එදා බලෙන්ම බෝව ජාන්ගෙ රූම් එකට දාපු නිසා බෝ පහුවදා යුයීත් එක්ක රණ්ඩු උනා. හයියෙන් බැනගත්තා නෙමෙයි හවස දෙන්නා එයාලගෙ රූම් එකේ ඉන්නකොට ඕක හිතේ තියාගෙන හිටපු බෝ යුයී දෙන්නා අතරෙ වචන හුවමාරු උනා. බෝ කියපු දේවල්වලට දුක හිතුන නිසා යුයී දැන් දවස් ගානක ඉදන් බෝත් එක්ක වැඩි කතාවක් නෑ. යුයී ඉන්නෙ දුකින් කියලා දන්න නිසා බෝනන් යුයීව යාලු කරගන්න කරන්නැති දෙයක් නෑ.

දවසක් වෙනදා පුරුද්දට ජාන් යුයීට උදව් උනා.

"මැඩම්..."

"ම්ම්..."

"අර එදා ශෙනි කියලා කෙනෙක් ගැන මැඩම් මගෙන් ඇහුවා නේද"

"ඔව්"

ජාන් යටින් යුයී දිහා බලලා

"මැඩම් බයවෙන්න එපා මං එයාට කියලා ආවෙ"

"ඒ මොනවද?"

"එදාම මං කිව්වා ඉතින්.."

"ඒ කියන්නෙ ඔයා බැන්නද බනි"

"නෑ නෑ කියලා දුන්නා.. මං කිව්වා වයිෆ් ඉස්සරහම කසාද බැඳපු පිරිමි කෙනෙක් එක්ක එල්ලි එල්ලි කතා කරන්න එන්නයි.. නටන්න කතා කරන්නයි ලැජ්ජාවක් නැද්ද කියලා.. මැඩම් ගැන හිතලා මට එහෙම කියන්න හිතුනා.."

යුයීට පුදුමයි ජාන් කෙනෙක්ට එහෙම කතා කරා කිව්වම

"බනි ඔයානම් මාරයි.."

"එතකොට අර එදා හොස්පිටල් එකේදි බලඩ් ගත්ත නර්සුත් මහත්තයගෙ අත ඇල්ලුවා.. එතකොට මං දැක්කා මහත්තයට තරහා යනවා.. මහත්තයා බයින්න හදනකොට මං මහත්තයව එලියට දාලා.. මගෙත් බලඩ් අරං ඉවරවුනාට පස්සෙ අරකිට බැන්නා... චික් වල් ගෑනු.."

"Oh my god බනි ඔයා... superb"

"මට ඉංග්‍රීසි තේරෙන්නැති උනාට... ඩිස්කස්ටින් කියලා.. චයිනීස් වලින් බැන්නා.. නොතේරුනාට එයාට තේරුනා මං බැන්නා කියලා... මගෙන් සමාවත් ඉල්ලුවා.."

යුයීට හිනාව නවත්ත ගන්න බෑ. ජාන් ඔහොම දේවල් කරයි කියලා යුයී කවදාවත් හිතුවෙ නෑ.

"බනි හොඳ වැඩේ.. ඔහොම තමා ඉන්න ඕන.."

"ම්ම්ම්... මැඩම් බයවෙන්න එපා මං කොහොමත් එහෙමයි.. මහත්තයටයි.. මැඩම්ටයි.. මොනවා උනත් මං කතා කරනවා"

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now