°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 16 °°

433 106 62
                                    

පහුවදා බනිව ඩිස්චාජ් කරගෙන ගෙදර එක්කන් ආවෙත් බෝමයි. වෙච්ච දේ ගැන බෝ යුයීට තේරුම් කරේ ඊයෙ රෑ කෝල් එකෙන්... මොකද යුයීව එකපාරට ශොක් වෙන නිසා බෝ යුයීට සාමාන්‍ය විදියට පැහැදිලි කරා. ඒක අහලා ඇත්තටම යුයීට දැනුනෙ ලොකු දුකක්.. යුයී හොඳටම අඬලා බනි ගැනත් අහලා එයා එනකන් බෝටත් පරිස්සමෙන් ඉන්න කිව්වා. ඒත් යුයීට වෙනදා වගේ වැඩක් කරන්න මානසිකත්වයක් නැතිවුනා.

මොලීට තේරෙනවා බනි ඉන්නෙ ලොකු දුකකින් කියලා එයා කරන්නෙ බනි යන යන තැනට පස්සෙන් එන එක.. බනි කොහේහරි වාඩිවුනොත් එයත් එතන බිම කකුල් දෙක ලඟ වාඩිවෙලා දුකින් වගේ ඇස් උස්සගෙන බනිගෙ මූණ දිහා බලන් ඉන්නවා. බනිට ඇඟේ වේදනාවට වඩා දැනෙන්නෙ හිතේ වේදනාව... තාම එයාට තේරෙන්නෙ බඩේ බබාලා ඉන්නවා වගේ... නොමේරුවත් මාස එකහමාරක් විතර බනි pregnant වෙලා හිටිය නිසා එහෙම දැනෙනවා. බනි සල්ලි නිසා මේ වගේ දේකට කැමතිවුනත් එයාටත් මේ දේවල් හදවතටම දැනිලා කියලා එයාටම තේරුම් ගියා. බෝනම් සාමාන්‍ය විදියට ඉන්නවා එයාට තියෙන්නෙ එයා ගැන පසුතැවීමක් විතරයි. බෝ එදා නිකොලොව මඟෑරලා වාහනේ නැඟලා බනිත් එක්කම එතනින් ආවනම් මේ දේවල් වෙන්නෑ කියන එක එයාගෙ ඔලුවෙ වැඩ කරනවා.

බෝගෙ නලල තුවාලවෙලා අතේ පොඩි තැනක් බැන්ඩේජ් කරලා. බනිට තාම බඩ ඇතුලෙ තුවාලයක් පෑරිලා වගේ වේදනාව දැනෙනවා. බනි ගේ ඇතුලෙ ඇවිද්දත් ඇවිදින්නෙ හිමින්... ගහපු පාරට බනිගෙ බඩ තැලීමකට ලක්වෙලා කියලා තමයි ඩොක්ට බෝට කිව්වෙ. බනි තාම එදා ඉදන් හරියට කෑමක් කාලා නෑ. බනිව හොයාගෙන ගාඩ්න් එකට ආපු බෝ

"බනි එන්න කන්න"

බෝ දිහා නොබලම ඔලුවෙන් බෑ කිව්වා. කොහොමත් කතා කරාට එන්නෑ කියලා දන්න නිසා බෝ බනිගෙ අතින් අල්ලගෙන එක්කන් එනකොටනම් පස්සෙන් ආවා. බනිව ටේබල් එකෙන් වාඩි කරවලා

"ඇවිදින්න එපා එක තැනක ඉන්න හරිද"

ඒවට ඔලුව වනලා හා කියනවා විතරයි. බෝ බනි ලඟට කෑම එක ලං කරාට ඔලුවෙන් කියනවා එපාලු.. ටිකක්වෙලා බනි දිහා බලන් හිටපු බෝ

"මං කවන්නද?"

එතකොට ඇස් ලොකු කරගෙන බෝ දිහා බැලුවා.

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now