°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 12 °°

396 109 52
                                    

දවස් ගානකට පස්සෙ වෙනදා පුරුද්දට උදේ නැඟිටිනකොට බනිගෙ ඇඟට දැනුන අමාරුව නිසා බනි තව ටිකක් ඇඳේ ඒ විදියටම හිටියා. දැන් දවස් තුනක විතර ඉදන් උදේට නැඟිටිනකොට බනිගෙ ඔලුව කැරකෙන්න ගන්නවා. ඒ ගැන වැඩිය හිතුවෙ නැති බනි ඕක යුයීට කියන්න ගියේ නෑ. බනි අදත් පහලට එන්න පරක්කු නිසා උදේට කෑම හදලා ඉවර කරපු යුයී බනිගෙ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා.

"බනි.... තාම නිදිද..."

අඩ නින්දෙ හිටපු බනි අමාරුවෙන් ඇස් අරින ගමන් අහිංසක විදියට

"නෑ... මැඩම්... මං නැඟිටින්න හැදුවෙ"

ජාන් ඇඳේ කෙලින් වෙද්දි ජාන්ගෙ මූණ මැලවිලා වගේ නිසා ඔලුවට අත තියපු යුයී

"ඇයි බනි අමාරුද?"

ඇස් දෙක පොඩි කරපු ජාන් හීන් හඬින්ම

"ඔව් මැඩම් මාව කැරකෙනවා.."

යුයීගෙ මූණට හිනාවක් එද්දි එහෙම්මම ජාන්ගෙ නිකටට අත තියලා උස්සලා

"ගනන් ගන්න එපා අපි බලමුකෝ..."

ජාන් අහිංසක විදියට ඔලුවෙන් හා කියාගෙන ඇඳෙන් බැස්සා.

"බනි ඔයා වොශ් දාගෙන එන්න.. කෑම ලෑස්ති..."

ජාන් ඔලුවෙන් හා කියද්දි යුයී එහෙම කියාගෙන රූම් එකෙන් එලියට ගියා.

බෝ සතියක ටුවර් එකක් ගිහින් බනි යුයී දෙන්නා විතරයි මේ දවස් ටිකේ ගෙදර ඉන්නෙ.. කෑම කෑවට බනිට වෙනදා වගේ කන්න ඕන කමක් තිබුන්නෑ. ඒ නිසා ටිකක් කාපු බනි ආයි ඇඳට යන්න උඩට නඟින්න යනකොට ඉස්සරවුන යුයී ජාන්ගෙ මූණට අත තියලා

"අනේ පැටියෝ ඇයි.. ඔයා හරියට කෑවෙත් නෑ නේද ආ"

ජාන් මැලවුන මූණෙන් යුයී දිහා බලාගෙන

"ම්හ් මැඩම් මං ඇඳටවෙලා ඉන්නද?"

"හා කෝ එන්න එන්න.. ඔයාට උණ වගේ නෑ නේද"

අතින් අල්ලගෙන යන ගමන් එහෙම අහද්දි ජාන් නෑ කියන්න ඔලුව වැනුවා විතරයි. ජාන්ව ඇඳේ නිදි කරවලා ඔලුව අතගාපු යුයී

"ටිකක් නිදාගන්න.. හරිද.. මං පහල ඉන්නවා.. ඕන උනොත් ටක්ගාලා මට කතා කරන්න.."

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now