°° 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 6 °°

406 105 33
                                    

අවුරුදු ගානකට කලින් ඉදන් බෝට තරහාකාරයෙක් ඉන්නවා. ඒ තමයි Vardy Nikolo. නිකොලොගෙ පියාත් Wang company එකේ හවුල්කාරයෙක්.. යුයීගෙ පපා, බෝගෙ පපා, නිකොලොගෙ පපා ඔය තුන් දෙනා ඉස්සර ඉදන්ම ව්‍යාපාර මිතුරන්.. තුන් දෙනාම එකතුවෙලා තමයි Wang company එක පටන් අරගෙන තියෙන්නෙ... ඒත් 70% ක්ම කොටස් අයිතිවෙන්නෙ බෝගෙ පපාට.. 20%ක් යුයීගෙ පපාටත් අනිත් 10% අයිතිවෙන්නෙ නිකලොගෙ පපාට.. දැන් නිකලොගෙ පියා මිය ගිහින් අවුරුදු තුනක් වෙනවා. නිකලොගෙ පියා හදිස්සියේ මිය යන්නත් හේතුව නිකලො තමයි. ඔහු තමන්ගෙ කොටස් පුතාට පවරන්නත් කලින් තියෙන තණ්හාවට නිකලො පපාව මැරුවා. ඒත් ඒවට අද වෙන තුරුත් කිසිම සාක්ෂියක් නෑ.

නිකලොගෙ පියා මිය ගිහිපු දවසෙ ඉදන් නිකලොගෙ ඊලඟ ඇම උනේ ඊබෝ.. බෝ යුයී දෙන්නා එයාලට කියලා ලස්සන අනාගතයක් හදාගන්න ඉගෙනීමට කැනඩාවට ආවත් නිකොලෙගෙ ප්‍රශ්නෙත් බෝ යුයී දෙන්නා චීනෙ අතෑරලා මෙහෙට එන්න මුල් උනා. චීනෙ ඉන්නකොට බෝට නිකොලොගෙන් එන ගොඩක් ප්‍රශ්න, මරණ තර්ජන වලට මූණ දෙන්න උනා. කම්පැනි එකේ බෝට අයිති වැඩිම කොටස් ටික අයිති කරගන්න එක තමයි නිකොලොගෙ උවමනාව... නිකොලොට ඕන බෝව මරන්න. ඒත් තාම නිකලොට ඒක කරගන්න බැරිවුනේ දැන් බෝ ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න බැරි හින්දා. ඒත් මෙයාලට බබාලා නැති එක ගැන කවුරු නැතත් නිකලොට සතුටක් උනා.

බෝ නිකලොට මූණ දෙන්න බය නෑ. ඒත් යුයීගෙයි, මමාගෙයි, පපාගෙයි බල කිරීමටයි යුයී ගැනත් හිතලා බෝ නිකොලොගෙ ප්‍රශ්නෙන් ඈත්වෙලා ඉන්න තීරණය කරා. අනිත් එක business වලට බෝගෙ ලොකු කැමැත්තක් නැති නිසා එයා කැමති එයා ආස කරන ජොබ් එක කරගෙන යුයීත් එක්ක පාඩුවේ ජීවත් වෙන්න විතරයි. යුයීගෙ අදහසුත් බෝගෙ අදහස් එක්ක ගැලපෙන නිසා ඒ දෙන්නා මෙච්චර කාලයක් හොඳින් ජීවත්වුනා. business වලට බෝ අකමැති උනත් නිකොලො බෝගෙ කොටස් අයිති කරගන්න එන්නෙ වංචනික විදියට නිසා බෝ කොහෙත්ම කැමතිත් නෑ ඒකට ඉඩ දෙන්න. අනික පපාගෙ මහන්සිය වතුරෙ යවන්නත් ඉඩ තියන්නෑ කියන එක තමයි බෝගෙ තීරණය. බෝ යුයී හිතාගෙන හිටියෙ නිකොලොට අයිති 10%ත් නීතිමය වශයෙන් සල්ලි වලට තමන්ගෙ අයිතියට අරගෙන දවසක එයාලගෙම දරුවෙක්ට සම්පූර්ණ business එක පවරන්න. ඒත් යුයීට අම්මා කෙනෙක් වෙන්න බැරි නිසා ඒ තීරණ නිකන්ම බොඳවෙලා ගියා.

Sυɾɾσɠαƚҽ Pɾҽɠɳαɳƈყ 👼🩸|Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ|Where stories live. Discover now