Chapter 02 [ First night ]

2K 268 12
                                    


Tae " මොකද බලන් ඉන්නෙ ? මං කලින් ඉන්ගේජ් වෙලා හිටපු කෙනෙක් කියල ඔයා දන් නැද්ද... "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙන ගමන් එයාගෙ ඉස්සරහ කදුළු පුරෝගෙන බලන් ඉන්න ජන්කුක් ගෙන් අහද්දි කුක්ගෙ හිත ගොඩක් රිදුනා....

ටේහ්‍යුන්ග් නටන නාඩගම දිහා තවත් බලන් ඉන්න බැරි උන මිස්ටර් කිම් ස්ටේජ් එක උඩට ඇවිත් ටේ ගාවට ආවා....

Mr.kim " මට ලැජ්ජා කරන් නැතුව දැන්වත් ඔය මුද්ද ගලවපන් ටේහ්‍යුන්ග් !! "

මිස්ටර් කිම් අනිත් අයට නොඇහෙන ගානට ටේහ්‍යුන්ග්ට විතරක් රහසින් කිව්වෙ දත්මිටි කන ගමන්...

Tae " අනි !... මං මෙ මුද්ද කොහොමටත් ගලවන් නෑ... මෙයාට ඕන නම් පුළුවන් මෙ මුද්ද තියෙද්දිම මගෙ අතට ඔය රින්ග් එක දාන්න... "

ටේ ජන්කුක් දිහා බලාගෙනම සද්දෙන් කියද්දි ජන්කුක් එයාගෙ යටි තොලත් හපන් හැඩුම් පාලනය කරගත්තා... හිතන්න...  ඔයා ගොඩක් ආදරේ කරන එයාගෙ ජීවිතේ පලවෙනි තැන වෙන කෙනෙක්ට නම්.. එයා මෙහෙම තමන්ගෙ කසාදෙ දවසෙම තමන්ව අසරණ කරනවනම්... ඔයාට මොන වගේ හැගීමක් දැනෙයිද ?.....

අන්න ඒ වගේ ජන්කුක් ගොඩක් අසරණ උනා.....

Mr.jeon " තමුන්ට පිස්සු හැදීගෙන එනවද ටේහ්‍යුන්ග් !! උබට උබේ පොරොන්දුව අමතක උනාද ආආ... "

Tae " ඇත්තටම නෑ... මම පොරොන්දු උනේ මේ කොල්ලව මැරි කරන්න විතරයි... නැතුව මගේ සේහිව අමතක කරලා එයාගෙ තැන මේ කොල්ලට දෙන්න නෙවෙයි... මං හිතනවා ඔයාට මාව තේරුනා කියලා මිස්ටර් කිම් "

ටේහ්‍යුන්ග් කියද්දි මිස්ටර් කිම්ට අකමැත්තෙන් උනත් එතනින් අයින් වෙන්න උනා... මොකද ටේහ්‍යුන්ග් කියන්නෙ කවදාවත් කියපු දෙයක් වෙනස් කරන කෙනෙක් නෙවෙයි...

ජන්කුක් ටික වෙලාවක් ටේහ්‍යුන්ගෙ මුදැගිල්ල දිහා බලන් හිටියා... ජන්කුක්ට ආපහු හැරෙන්න බෑ... මොකද එයාටමයි ඕන උනේ ටේහ්‍යුන්ග්ව මැරි කරන්න... ඉතින් මේ රින්ග් එක නිසා ජන්කුක් ට හැරෙන්න බෑ... හොඳ හුස්මක් අර ගත්තු ජන්කුක් වෙව්ලන අත් වලින් ටේහ්‍යුන්ගෙ අත අල්ලලා එයාගෙ මුදැගිල්ලට තමන් අතැති මුද්ද දැම්මා...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now