Chapter 26

1.6K 246 35
                                    

FLASHBACK ~

Taehyung pov );

සේහිත් එක්ක හොස්පිට්ල් එකෙන් මම ගියෙ එයාට ඉන්න අරගත්තු apartment එකටයි... ඒත් එයා කිචන් එකට ගියපු අතරතුර මම හොරෙන් මිනි කැමරා එකක් වෝල් එකෙ හයි කරා... ඊට පස්සෙ ඒක නොපෙනෙන විදිහට හයිඩ් කරලා දැම්මා.... දැන් ඒක වෝල් එකෙ පාට විදිහටම තියෙනවා.... කාටවත් හොයාගන්න බෑ මෙතන කැමරාවක් තියෙනවා කියලා....

ඇත්තටම ඔයාල කල්පනා කරනවා ඇති ඇයි මම හොස්පිට්ල් එකෙ අර විදිහට හැසිරිලා දැන් ඇයි මෙහෙම කරන්නෙ කියලා... ම්ම්... ඒකට මට එක හේතුවක් නෙවෙයි... හේතු දෙකක් තිබුනා....

පලවෙනි හේතුව සේහිගෙ ඇගේ අධික සීතල....
දෙවෙනි හේතුව එයාගෙ ඇගිල්ලෙ තිබුන මුද්ද..... මම පාරෙදි මුද්ද අදුරගත්තත් එයාව හොස්පිට්ල් එකට අරන් ආපු වෙලේ මම ඒක හරියටම අරන් බැලුවා.... මං සේහිට දැම්මෙ ගෝල්ඩ් රින්ග් එකක්... ඒත් දැන් තියෙන රින්ග් එක ඉමිටේෂන්!!

මේ හේතු දෙක නිසා මගෙ ඔළුව ඇතුලෙ ලොකු සැකයක් කැරකුනා... ඇත්තටම සේහි කියන්නෙ බොරුද ඇත්තද කියලා... ඒක තහවුරු කරගන්න උවමනා නිසයි මම මේ කැමරාව හයි කරේ...
_______________________________________

සේහිගෙ apartment එකේ ඉදලා මෙන්ෂන් එකට යද්දි ජන්කුක් හිටියෙ නැති එකට මට තවත් අවුල් ගියා.... ඇත්තටම සේහි මගෙ පලවෙනි ආදරේ.... ඔව් ඒක එහෙමයි... ඒත් ඒත් දැන් ජන්කුක්... එයා වෙනුවෙන් විතරයි මගෙ හදවත ගැහෙන්නෙ.... මං එයාට ගත්තු මාලේ මගෙ ක්ලොසෙට් එකෙන් දාලා living room එකේ බලන් හිටියෙ එයා එනකම්.... ඒත් එයා එන්න පරක්කු වෙද්දි මගෙ ඇගේ මාළු නටන්න ගත්තා....

පස්සෙ එයා ගෙදර ආවත් මං එයාට කතා කරේ හොද විදිහට නෙවෙයි... ඔව් මං හිතාමතාම එයාව රිද්දුවා... මං එහෙම කරේ මෙතන වැරදිකාරයා මම කියලා දන්න නිසයි... සේහිට නැවත පැමිණීම... මම දෙතැනක හිර වෙලා වගේ දැනෙද්දි.... මම ජන්කුක්ව රවට්ටයිද කියන සැකෙ මගෙ ඔළුවට ආවා... මට මාත් එක්කම කේන්තියි.... ඒත් එයා අවසානෙ කිව්ව දේ මගෙ හදවත හෙල්ලුවා... එයා කිව්වා එයා pregnant කියලා... එවෙලෙ මාව මොහොතකට ශොක් උනා.... ඒත් ඒත් මං මං එදා මගෙ කටින්ම පව්කාර කතාවක් කිව්වා....  ඒ මගෙම දරුවව නැති කරන්න කියලා.... නෑ... හිතකින් නෙවෙයි... මම හිටියෙ අවුල් වෙලා... මට ඕන උනා එයාට ලං වෙලා එයාව වඩාගෙන සතුටින් වටයක් කැරකෙන්න.... ඒ මූණ සිපගෙන මගෙ සතුට ප්‍රකාශ කරන්න.... ඒත් මට දැනුනා මොකක් හරි අනතුරක සේයාවක්.... මම ජන්කුක්ට ආදරෙයි කියන්න යනකොටම සේහි මගෙ පාර හරස් කරා.... ඇත්තටම මම සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි... මගේ වොල්ෆ් මට කිව්වා මොකක් හරි නරක දේක ඉවක් වැටෙනවා කියලා... මට ඕන උනා මගෙ ජන්කුක්වයි, පුංචි බබාවයි හැමදේම හරියනකම් මේවගෙන් ඈත් කරලා තියන්න... ඒක නිසා මට එයාව රිද්දන්න උනා... මම දන්නවා මම ආදරෙන් එයාව ඈත් කරන්න හැදුවොත් ඒ පණ්ඩිතයා කවදාවත් මාව දාලා යන් නෑ කියලා.... ඉතින් මට සිද්ධ උනා අකමැත්තෙන් උනත් එයාට රිද්දන්න... මම හිතලම එයාව ඇඩෙව්වා.... ඔයා දන්නවනම් ඊට පස්සෙ මම කොච්චර ඇඩුවද කියලා... ඔයා අඩනවා මැවිලා පේද්දි මමත් හැම තප්පරේම ඇඩුවා රත්තරන්!!

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now