Chapter 18

1.6K 216 23
                                    

After one week);

හරිම ඉක්මනින් සතියක කාලයක් ගත වෙලා යද්දි ගෙවිච්ච සතිය ඇතුලත ටේහ්‍යුන්ග් ජන්කුක්ට ගොඩක් ලං උනා.... තවමත් ආදරෙයි කියලා කටින් නොකිව්වත් , ඒ හැගීම එයාටම නොතේරුනත් එයා නොදැනුවත්වම එයා ජන්කුක්ට ආදරේ කරන්න පටන් අරන් තිබුනා... හැමදාම උදේට වැඩට යද්දි ජන්කුක්ගෙ නලළතින් තබන හාදුව ටේහ්‍යුන්ග් නොවරදවාම ඔහුට ලබා දෙද්දි ජන්කුක් පවා ඒ හාදුව ටේගෙන් ලබාගන්න අමතක කරේ නෑ... ඒ වගේම හැමදාම ලන්ච් එක ගන්න ටේහ්‍යුන්ග් මෙන්ෂන් එකට ආවා... ඇවිත් කෑම කෑවට වැඩිය ජන්කුක්ව කෑවා කීවොත් මං හරි.... කොහොම හරි දවසින් දවස තප්පරෙන් තප්පරෙ ඒ දෙන්න එකිනෙකා නැතුව ඉන්න බැරි තරමට ලං උනා....

අදත් වෙනදා වගේම සාමාන්‍ය දවසක් උනා... ඒත් ටේහ්‍යුන්ග්ට නම් අද සාමාන්‍ය දවසක් නෙවෙයි...

Tae " මං ඔයාට කැමැතියි! "

ටේහ්‍යුන්ග් හිටියෙ අද උදේම නැගිටලා බෙඩ් රූම් එකට වෙලා මීරෝර් එකෙන් පේන තමන්ගෙ ප්‍රතිරූපෙ දිහා බලාගෙන දෙයක් පුරුදු වෙන ගමන්,

Tae " ආශ් ඒක හරියන් නෑ.. ආපහු... අහම්... I love you jungkook! "

" Oh shit! ඔහොම බලන්න එපා මිනිහො ටිකක් හිනා වෙලා කියනවා "

ටේ තමන්ගෙ ඔළුවටම පාරක් ගහගෙන එහෙම කියාගෙන ආපහු මීරෝර් එක දිහාට හැරුනා... ඔව්, අද එයා එයාගෙ ඇත්තම හැගීම ගැන ජන්කුක්ට කියන්නයි යන්නෙ... ඒකයි අද එයාට සාමාන්‍ය දවසක් නොවෙන්නෙ...

Tae " jungkookei... මේක මං ඔයාට කියන්න ගොඩක් කාලයක් තිස්සෙ  හිතපු දෙයක්... ඒත් මට හිතුනා තවත් පරක්කු නොකර ඒක ඔයාට කියන්න ඕන කියලා... ඇත්තටම කුකී මේක ගොඩක් වැදගත් දෙයක්... මං දන්නවා මං මේකට පරක්කු උනා වැඩී කියලා... ඒත් තව නම් බෑ කුකී...

ටේහ්‍යුන්ග් එක එල්ලේ මීරෝර් එකෙ පේන තමන්ගෙ ඇස් දිහා බලාගෙන එහෙම කතා කරලා හොද හුස්මක් අරන් පහල බලාගත්තා...ඊට පස්සෙ ආපහු මූණ උස්සපු ටේහ්‍යුන්ග්,

I love you kooky.. I really love you! "

ලස්සන ආදරණීය හිනාවක් සමග එහෙම කියලා ටිකක් වෙලා බලන් හිටියා... ඊට පස්සෙ එයා එකපාරට උඩ පනින්න ගත්තෙ මේ පාර තමන්ගෙ පාපොච්චාරණය ගැන සැටිස් එකක් තමන්ටම දැනුනට පස්සෙ...

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now