Chapter 27

1.7K 239 22
                                    

සේහි මේ වෙලාවෙ හිටියෙ වොශ් රූම් එකට වෙලා යූරිට කෝල් කරන්න ට්‍රයි කරන ගමන්, ඒත් කොච්චර කෝල් ගත්තත් යූරිගෙ ෆෝන් එක වැඩ කර් නෑ....

Sehi " ආර්හ්! මෙ ගෑනි මොනව කරනවද ආන්සර් නොකර!!... "

තරහින් ෆෝන් එකට කෑ ගහපු සේහි අඩියකුත් හප්පලා ඊට පස්සෙ එබුනෙ මීරොර් එකට.... එයාගෙ හම එන්න එන්නම වෙනස් වෙන්න අරන් තිබ්බා....

Sehi " මට ලේ ඕන! තවත් බෑ!... තවත් ඉවසන්න බෑ! "

තමන්ටම වියරුවෙන් මෙන් කියා ගත්තු සේහි ඊළගට එතනින් යන්න හැදුවත් ඒත් එක්කම වගේ දොර ඇරගෙන ඇතුලට ආපු මිසිස් කිම් නිසා නැවතුනා..... මිසිස් කිම් සේහිව ගණන් නොගෙන සින්ක් එක ලගට ගිහින් එයාගෙ අත වොශ් කරන ගමන් හිටියෙ.... ඒත් සේහි හිටියෙ මිසිස් කිම්ගෙ ලේ සුවදට පිස්සු වැටිලා....

ඇත්තම කිව්වොත් මිසිස් කිම් සේහි ගාවට යන එක ටේහ්‍යුන්ගෙ ප්ලෑන් එකේ කොටසක් නෙවෙයි! ඒ කියන්නෙ මේක අහම්බයක්!

සේහි එයාගෙ වෙනස් වෙන යක්ෂ රූපෙත් එක්ක භයානක හිනාවකින් මිසිස් කිම්ට ලං වෙන්න ගත්තෙ මිසිස් කිම් ට ඒ ගැන ගානක් නොවෙද්දියි....

_______________________________________

Joon " දැන් තමයි වෙලාව! "

නම්ජුන් ඉදන් හිටපු තැනින් නැගිටලා කිව්වහම මිස්ටර් කිම්, මිස්ටර් ජියෝන් වගේම යුන්ගිත් එතනට ආවා....

Tae " උදේ ඉදන් ලේ නැති නිසා ඒකි ඇත්තෙ පිස්සු හැදිලා... ඒ වගේම දැන් තමයි හොදම වෙලාව ඒකිව විනාශ කරන්න... "

Joon " ටේහ්‍යුන්ගෙ කතාව ඇත්ත... මේ වෙලාව තමයි හොඳම... ඒත් අපිට පරිස්සමින් වැඩ කරන්න වෙනවා... මොකද වියරුවෙන් ඉන්න යක්ෂණියක් භයානකයි... ඒක නිසා යුන්ගි ඔයා මෙතන නවතින්න.. "

Suga " එහෙම ඕන නෑ නම්ජුන්... මට පුළුවන් මාව ආරක්ෂා කරගන්න... "

Tae " සුගා උබ මනුස්සයෙක්... යකින්නක් එක්ක ෆයිට් කරන්න බෑ! "

Suga " මට ඕන උබට උදව් කරන්නයි! "

Tae " එහෙනම් මෙතන ඉදන් ඔම්මලා දෙන්නවයි ජිමින්වයි බලා ගනිම්... ඒක තමයි මං දැන් උබෙන් ඉල්ලන උදව්ව.... "

𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )Where stories live. Discover now