පළමු කොටස

1.2K 227 30
                                    

ටක ඩක ටක ඩක

බස් එකේ වීදුරු හෙල්ලෙන සද්දෙට මම අවධි උනේ කොහෙද ඉන්නේ කියලවත් සිහියක් නැතුව... වට පිට බලලා ඉන්නේ බස් එකේ කියලා තේරුණාට පස්සේ මම ආයෙත් ටක ඩක ගාන වීදුරු ජනේලෙන් පෙරිලා පේන ගස් බිල්ඩින් වලින් පිරුණු පාර දිහා බලා ගත්තා....බස් එක කපාගෙන යන හුළඟයි නුවර තියෙන සැර හුළඟයි නිසා මගේ ශර්ට් එක පියාඹන්න හදනවා...

බස් එක කපාගෙන යන හුළඟයි නුවර තියෙන සැර හුළඟයි නිසා මගේ ශර්ට් එක පියාඹන්න හදනවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

වේලාව දවල් දොළහටත් කිට්ටුයි.... මම හිටියේ කොළඹ මහනුවර සීටීබී බස් එකක පිටිපස්සේ හරියට වෙන්න තිබුණු සීට් එකක වාඩි වෙලා...
අවපැහැ ගැන්විලා තිබුණ රතු පාට නිල් ඉරක් ගිය සීටීබී බස් එකේ ඒ වෙනකොටත් ඉතුරු වෙලා හිටියේ කිහිප දෙනෙක් විතරයි... බස් එකේ ඩ්‍රයිවර් පණ අද්ද අද්ද දුවන සීටීබී බස් එක ඉස්සරහට අරගෙන යද්දි තරමක් මැදි වයසේ කොන්දොස්තර ෆුට් බෝඩ් එකට වෙලා බුලත් විටක් හප හප හිටියා...
බස් එකේ කහ පාට නූලක් හරහා තියෙන බෙල් එක ට්‍රීං සද්දයක් නගමින් කෑ ගහද්දි ඩ්‍රයිවර් ඊළඟ හෝල්ට් එකෙන් බස් එක නතර කලා....
බස් එකේ හිටපු කිහිප දෙනෙක්ම එතනින් බහිද්දි මමයි තව ආච්චි අම්මා කෙනෙකුයි බස් එකේ තනි රැක්කා....

මහනුවර... පුංචි ගෙවල්, රූස්ස ගස්, කඩවීදි, උස් ගොඩනැගිලි පහු කරමින් මම නුවරට ළඟා උනා.... දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබුණු අඩවිය.... සුන්දර මහනුවර නගරය.... ඔව් එහෙම හිතමු... ඒ උනාට නුවර සුන්දරත්වය ගැන කතා කරනවට වඩා එන මිනිස්සු දාලා යන සබ්බ සකලමනාව නිසා ජරා වෙලා තියෙන එක ගැන අපි කතා කරන්න ඕනේ... මේ මගේ ගම.... මම උපන්න තැන... මේ එතන....

මම දේවේන්ද්‍ර ශෂික් දේවරාජ.... නුවර කොලු ගැටයෝ කිව්වේ දේව් කියලා... ඉස්කෝලෙ යාළුවෝ කිව්වේ ශෂික් කියලා.... එතකොට හැමෝම දන්නේ පොඩි දේවරාජ කියලා... මම තාමත් තනිකඩ එල කොල්ලෙක්... මගේ පවුල නුවර වැදගත් පවුලක්... ඒත් මම වැදගත් උනේ නෑ.... මගේ අයියා නුවර දිසාපති... අහීෂ් යසස් දේවරාජ... අයියා ඉගෙන ගත්තේ නුවර ලොකු ඉස්කෝලෙක.... අයියා දක්ෂයා.... තාත්තා දිසාපති කෙනෙක් නිසා අයියත් ඒ පැත්තම තෝර ගත්තා... මගේ අම්මා පන් වලින් එක එක බෑග් වගේ දේවල් හදලා විකුණන කෙනෙක්... එයාට හොඳට අත්කම් වැඩ, ගෙත්තම් වැඩ හුරුයි.. සුපිරි රස්සාවක්...
මම අම්මාගෙයි අප්පච්චිගෙයි පොඩි පුතා උනාට මට ගොඩක් ආදරේ කළේ ආච්චි අම්මා.... මම තාත්තාට කතා කරේ අප්පච්චි කියලා... හේතුව මම දන්න මට ඇහුණ අපේ පවුලේ හැමෝම තාත්තාට කතා කළේ අප්පච්චි කියලා... ඉතිං මාත් අප්පච්චිම කිව්වා... දේවරාජ දිසාපති කිව්වහම නොදන්න කෙනෙක් නෑ... හතර දීපංකරේම ඉන්න මිනිස්සු අපේ තාත්තාව දැනගෙන හිටියා...

බෝගම්බර (Taekook)Onde histórias criam vida. Descubra agora