දහවන කොටස

754 162 50
                                    

පෙරහැරේ අවසානයත් එක්කම සාර්ථකව පෙරහැර නිම කරලා දිය කැපුවට පස්සේ නුවරට පැල් බැදගෙන වහින්න පටං ගත්තා....තොර තෝංචියක් නැතුව ඇද හැලෙන වර්ෂාව නොනවත්වාම තිබුණා....
දිනේෂ් අයියගේ සෙංකඩගල නුවරට සිංදුව රීලීස් උන දවස් වල වගේ මේ වැස්ස නතර වෙන පාටක් තිබුනේම නෑ....

පොඩි පගයා එදා ආවට පස්සේ ආවෙත් නෑ... තරහා උනාද දන්නෑ... තරහා වෙන්න අපි යාළු වෙලා හිටියේ නෑනේ....

" සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළඟේ පාවූ

අහසත් කලු වී
අකුණුත් බොඳ වී
කඳුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තනිව
වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට

අහසත් කලු වී
අකුණුත් බොඳ වී
කඳුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුණු හසුනක් ලඟ හවස
පරවුණු ප්රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉඳහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට"

යකෝ මෙන්න තවත් හයියෙන් වහිනවා... දිනේෂ් අයියා සිංදුව රීලීස් කරේ වැහි දෙයියට පුද පූජා කරලද මන්දා....

මාර කම්මැලි..... අද කට්ටියම ගෙදර උනාට කිසි ගතියක් නෑ.... කුස්සියට ගිහින් කෝපි එකක් හදාගෙන පොතකුත් අරගෙන එළියට ආවේ නිදහසේ කියවන්න...

ඒක අමුතුම රෙසිපියක්... හයියෙන් වහින වෙලාවට සීතල දවසක කෝපි එකක් ගහන ගමන් පොතක් කියවන එක ඉතිං මරු...
අප්පච්චිත් ටීවි බලනවද කොහෙද... මහා සද්දෙට දාගෙන ඉන්නේ.. අයියා කාමරේ වැඩක්... ආච්චි අම්මා බණ පොතක් කියවනවා... අම්මා මොනවා හරි හදනවා... මම ලොකු හාමු වගේ ඉස්සරහම පුටුවේ ඉදගෙන පොත් කියවනවා....

බෝගම්බර (Taekook)Where stories live. Discover now